වර්ෂ 2017 මාර්තු මස 19 දා මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට කහ ඉර මත දී ටිපර් රථ රියදුරෙක් විසින් යට කර මරා දැමූ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවික සම්බන්ධ රිය අනතුරු නඩුව පුරා වසර තුන හමාරක් තිස්සේ විභාගයට ගැනීම ආරම්භ කර නොමැති වීම ගැන ඇයගේ ඥාතීහු පැමිණිලි කර සිටිති.
රණසිංහ ආරච්චිලාගෙ නිමේෂා ප්‍රබෝධනී ගම්ලත් නැමැති එම ශිෂ්‍යාව මරා දැමූ ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇතත් මෙතෙක් නඩුව කැඳවනවා මිස විභාගයට ගෙන නැති බවත්, සී.සී.ටී.වී දර්ශන, රූපවාහීනි දර්ශන සහිත සියලුම සාක්ෂි තිබිය දීත් මේ කල් ගැනීම අසාමාන්‍ය බවත් ඥාතීහු පෙන්වා දෙති.
මෙම දියණියගේ පියා ඇය හත් හැවිරිදි වියේදී මිය ගිය පසු මව ඇයව ගොඩනගා ඇත්තේ අසීරුවෙනි. වර්ෂ 2014 දී වලල ටී.රත්නායක විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ 9ක් සමග සමත් වීමෙන් අනතුරුව තාකෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා ඇය නුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වී ඇත. මෙම අනතුරින් ඇය මිය යන්නේ උසස්පෙළ විභාගය සඳහා සූදානම් වී සිටියදීය.
මෙම මාරක රිය අනතුර සම්බන්ධව නඩුව මෙහෙයවන්නේ මහනුවර පොලිසිය විසිනි.