දිනසේන රතුගමගේ –
යාපනය කයිතඩි මහජන බැංකුවේ නියෝජ්‍ය කලමනාකාරවරිය ඇයගේ අවුරුදු දෙකක පුතකු සමග අතුරුදහන් වී ඇති බවට ඇයගේ සහෝදරයෙකු ත්‍රිකුණාමළය උප්පුවේලී පොලීසියට 18 දා පැමිණිලි කොට තිබේ.
ඇයගේ ගම් ප්‍රදේශයවන ත්‍රිකුණාමළය උප්පුවේලී ප්‍රදේශයට යන බව පවසා ඇය නිවසින් සිය දරුවා සමග පිටව ගොස් ඇතත් ඇය නිවසට ගොස් නොමැත.
යාපනය පොලීසිය හා ත්‍රිකුණාමළය උප්පුවේලී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.