ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.