සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

by editor
මැයි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් අග විනිසුරුවරයා වෙත ලිපියක් යවමින්  රටේ ආරක්ෂාව සම්බන්ධ සාකච්ඡාවක් සඳහා   වෙලාවක් ලබා දෙන ලෙස දන්වා ලිපියක් එව්වේ වැරදීමකින් බවත් ඊට සමාවන ලෙසත්  ඉල්ලමින්   මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්   අගවිනිසුරු ජයන්ත ජයසූරිය   වෙත ලිපියක් යවා තිබේ.  

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය දා  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස්  අගවිනිසුරුවරයාට    ලියුමක් යැව්වේය. ඉන් දන්වා තිබුණේ   රට පුරා පවතින විරෝධතා හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සහ බාධාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට  අවශ්‍ය වී ඇති බවය. ලේකම් වරයා ඒ  සඳහා අගවිනිසුරුගෙන්  වෙලාවක්  ඉල්ලා සිටියේය.

රාජකාරි පටිපාටිය අනුව  රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් එවැනි ඉල්ලීමක් ලේකම්වරයා විසින් සිදුකළ යුත්තේ  නීතිපතිවරයාගෙනි.  එම පටිපාටිය ඉක්මවා යමින් රටේ නීතියේ ස්වාධීනත්වය හා අධිපත්‍යය ද ප්‍රශ්න කෙරෙන සේ  අගවිනිසුරුවරයාවෙත ඍජුවම  ලිපි ලිවීමට ලේකම්වරයා කටයුතු කර තිබිණි.

මෙවැනි සම්පුර්ණයෙන්ම අනවශ්‍ය ලිපියක් එවීම සම්බන්ධයෙන් එම නිලධාරියාට දැඩි ලෙස අවවාද කරන ලෙස උපදෙස් සහිතව අගවිනිසුරුවරයා   නීතිපතිවරයාට   ලිඛිතව දන්වා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට තම අධිකාරිය ඉක්මවා නොයන ලෙසට පළමු සහ අවසන් අවවාදය ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

නීතිපතිවරයාගේ අනතුරු ඇඟවීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස් නැවතත් අගවිනිසුරු වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ  එම ලිපිය නීතිපතිවරයාට යැවීමට අවශ්‍ය  වූවක් බවය.  එහෙත්  වැරදීමකින් අගවිනිසුරුවරයා වෙත ලබා දී ඇති බවත්ය.

සිදුවූ අතපසුවීම සම්බන්ධව  ඔහු සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන්  ලිඛිතව සමාව අයැද සිටියේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රකාශකයෙක් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ   රාජ්‍ය පරිපාලන සේවයේ    තනතුරුවලට පත්වන අයෙක් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව එම තනතුරු සඳහා පිටතින් පත් කර එවන්නන්  දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙවැනි සිදුවීම්වලින්  අවධාරණය කරන බවයි.

ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී ශ්‍රීලංකා පරිපාලන සේවයේ  නිලධාරීන්ට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා එම නිලධාරීන්  පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත  ලිපියක් ද යවා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දූෂණ වංචා වැලැක්වීමේ කොමිසෂන් සභා  02ක්

Next Post

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.