යුද්ධයෙන් ආබාධිත බව කියන යුධ හමුදා ලුතිනන් කර්නල් වරයෙක් “බාල වයස්කාර ලිංගික අපහරණය“ යන චෝදනාව මත මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අදාල ලුතිනන් කනල්වරයා සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවසක විසූ මව සහ දියණිය යන දෙදෙනාම ලිංගික අපහරණයට ලක් කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයෙහි සේවයේ නියුතුව සිට ඇති මෙම පුද්ගලයා කොළඹ යුධ හමුදා මූලස්ථාන යට අනුයුක්තව සිට ඇත.
වයස අවුරුදු පනස් හතරක් වන මොහු නිතර මහනුවර ප්‍රදේශයට පැමිණෙන අතර සුදුහුම්පොල නිවසේ රැඳෙමින් වයස අවුරුදු තිස් හතක මව සහ වයස අවුරුදු දාහතක දියණියද අපහරණය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ලුතිනන් කනල්වරයාට අයත් නිල රථයේ රියදුරු වාහනයෙන් පිටතට යවා පැයකට ආසන්න කාලයක් වයස අවුරුදු 17ක දියණිය සමඟ වාහනේ රැඳී සිටින බව ද රියදුරු ලබා දුන් ප්‍රකාශ මගින් සනාථ වී ඇති බව පොලිසිය පවසයි
මොහු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කොට ඇත
ඉන් අනතුරුව කාන්තාවන් කිහිප දෙනෙකු විසින්ම පොලිසිය වෙත දුරකථන ඇමතුම් මගින් අදාළ යුධ හමුදා නිලධාරියාගේ තවත් සම්බන්ධතා ඇති කාන්තාවන් දස දෙනෙකු ට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු කාන්තා හා ළමා කාර්යාංශය වෙත ලබාදී තිබේ.
ඒ අතර ලිංගික අපහරණ සිද්ධි වලට අදාළව වීඩියෝ දර්ශන ද ලබාදී තිබේ. මේ වන විට ඔහුට අයත් නිල රථය මහනුවර පොලිසිය භාරයට ගෙන තිබේ. මහනුවර පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.