අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ තර්ජන කළේ නෑ… කියන්න ඕන දේ කිවුවා… මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර…

by editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
gemunu-walisundara
Share on FacebookShare on Twitter
  • පෙරහර විකාශනයේ දි හරියට නිවේදන කටයුතු කළේ නෑ… රූපවාහිනී නාලිකාවලින් කරද්දි මෙහෙම ප්‍රශ්න ආවෙ නෑ…

  • අලි කුලප්පුව කියලා කලින් පෙරහරක් දාලා සම්පූර්ණ විකෘතියක් කළා. ඇත්ත රටට කීවා නම් මොකද ?. අලි කුලප්පුවක් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි…

  • දේවාල 31කින් ඇත්ත කියන්නෙ මං විතරයි… ඒ නිසා හැමෝම මට චෝදනා කරනවා…

මම ඔය කියන අස්ගිරි මහනායකහාමුදුරුවන්ගේ ලේකම්වරයා යැයි කියන සුනිල් රඹුක්පොත යන  අයට කරුණු පැහැදිලි කරලා දුන්නා තමයි. නමුත් මරණ තර්ජන කලේ නැහැ. මරණ තර්ජනය කරන්න තරම් මම පහතට වැටිලා නැහැ.

හොඳින් අහන්න…  මම සුනිල්  රඹුක්පොත ට කරුණු පැහැදිලි කර දුන්නා. මේ පෙරහර විකාශනයේ නිවේදන කටයුතු කරද්දි හරියට විස්තර රටට ලෝකයට කියන්න උවමනායි. ඇසළ පෙරහර විකාශය කියන්කේ සුළු පටු දෙයක් නෙවෙයි. ලෝකයම ඇස් ඇරගෙන බලා ඉන්න දෙයක්. පේන දේ තහවුරු කරන්න නම් කණට ඇහෙන්න නිළමේවරුන්ගේ පාරම්පරික තොරතුර අලි ඇත් ඉතිහාසය වගේම නර්තන කණ්ඩායම්වල වැදගත් සියළුම තොරතුරු කියන්න අවශ්‍යයයි.

මොකද නිවේදනය කියන කාරණය පහසුවෙන් කල හැකි දෙයක් නෙවෙයි ඒකට හොද පරිචයක් තියෙන්න අවශ්‍යයි.

අවස්ථා කිහිපයකදිම මේ පුද්ගලයා විශේෂයෙන්ම කතරගම දේවාලයේ තොරතුරු හරිහැටි නොකරන නිසාම මෙවර මම ගිහින් කිව්වා මේ වැඩේ හරියට කරනවා නම් කරන්න . අඩුපාඩු ඇතිව කළාම අපට ප්‍රබල ගැටලු ඇතිවෙනවා කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදාහරණයක් තමයි, කතරගම දේවාලයේ දේවාභරණ සහිත රන්සිවිගේ වැඩම කරන්නේ හෙයියන්තුඩුවේ ටියුඩර් ගුණසේකර මහත්තයාගේ ඇතා. ඇතා පෙරහරේ ගමන්කරද්දි නිවේදනය කරනවා දිවංගත ටියුඩර් ගුණසේකර කියලා. මේක විශාල ප්‍රශ්නයක් වුණා.

ඒ විතරක් නෙවෙයි අලි ඇතුන් භාර අලි හාම්පුත්තු ගැන විස්තර හරියට කියන්නේම නැහැ. මේ ප්‍රශ්න නිසා ඊලඟ පෙරහරට අලි ඇත්තු ලැබෙන්නේ නැහැ. බස්නායක නිළමේවරු ගැන වුවත් එහෙමයි. පරම්පරාව සමග නම කියන්නේ නැහැ. නමුත් මම මගේ පුතාගේ නම කීව්වේ නෑ කියලා බනින්න ගියේ නැහැ.

ඉස්සර රූපවාහිනි නාලිකාවලින් පෙරහර ප්‍රචාරය කරද්දි මෙහෙම ප්‍රශ්න නැහැ. ඒ අය හොඳට තොරතුරු හොයලා කියනවා. කලින් වසර වලදිත් අඩුපාඩු ඇතිව නිවේදනය කරපු නිසා මේ වසරේ කතරගම දේවාලයේ සියළු තොරතුරු පැහැදිලිව ලියලා පෙළගස්වලා දුන්නා. ඒ දීපු එකවත් මේ මනුස්සයා හරියට කලේ නැහැ. මේ සම්බන්ධයෙන් මම දියවඩන නිළමේවරයාටත් මාළිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂකටත් කිව්වා.

එදා වුණත් බලන්න අලි කුලප්පුව කියලා කලින් පෙරහරක් දාලා සම්පූර්ණ විකෘතියක් කළා. ඇත්ත රටට කීවා නම් මොකද ?. අලි කුලප්පුවක් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. හැම පෙරහරකම අලි කුලප්පු වෙනවා. මෙතන ජීවිත හානි වුණේ නෑනේ.

අනික අපි පැය භාගයකින් පෙරහර යථා තත්ත්වයට ගෙනාවා. අර කරපු වැඩෙන් මිනිස්සු හිතුවේ කතරගම දේවාලයේ පෙරහර කරන්න බැරි වුණා කියලා. මේවා විහින් මවා ගන්නා ප්‍රශ්න.

සුනිල් රඹුක්පොත ඔය කියන මරණ තර්ජන කතාවත් ඒ වගෙ දෙයක් තමයි.   කොහෙදෝ යන ඇබිත්තයෙක් ඇවිත් නොදන්න වැඩ ක් බඩබැදගෙන කරන්න ගත්තාම තමන්ගේ නොහැකියාව ලෝකයටම පේනවා . මේ වෙලා තියෙන්නේ ඒක.

දේවාල තිස් එකකින් මම විතරයි අසාධාරණයට කතා කරන්නේ මම නිසා මට හැමෝම ඇගිල්ල දික් කරනවා. අනිත් හැමෝම බලය ආරක්ෂා කරගන්න කට වහගෙන ඉන්නවා. මේවා අපි අරගෙන යන්නේ නැහැ. ඉන්න කල් කරන වැඩ විතරයි ඉදිරියට පවතින්නේ. අපි මේ සම්ප්‍රදායන් චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරලා ගියොත් අනාගතයට ඉතිරි වේවි.

පෙරහරක් කියන්නේ නීතියක් නෙවෙයි රීතියක්… ඒකවත් හරියට දන්නේ නැති අය එක්ක මොන කතාද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය හොයන බොබ්මාලේ ගාල්ලේ පොලිසියකින් අල්ලා අතහැරලා

Next Post

හිතවත්කමට  වෙළෙඳාමට ඉඩ දීලා… සූරිය වැව සිල්ලර වෙළෙන්දෝ ඇවිලෙති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.