ලැබෙන සියලුම අවස්ථාවලදී කර්මාන්ත ඇමති විමල් වීරවංශට පහර දීමට පොහොට්ටු මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.
පොදු ජන පෙරමුණේ පක්ෂ නායකත්වය ගැන ඔහු කළ ප්‍රකාශය, නැගෙනහිර ජැටිය සම්බන්ධව ප්‍රකාශ කළ ස්ථාවරය මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට හැසිරුණු ආකරය වැනි මෑත වකවානුවේ ඔහුගේ ක්‍රියා කලාපය පක්ෂයට පමණක් නොව රටටද හානි කර වූ බව එම සාකච්ඡාවේ දී ප්‍රකාශ වී තිබේ.
පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත්තේ විමල් වීරවංශගේ හැසිරීම නිසා නැගෙනහිර ජැටිය සම්බන්ධව තහවුරු වූ මහජන විරෝධය හේතුවෙන් ඉන්දියාව ද ලංකාව සමග විරසකයක වූ බවය.
ඔහුට අවශ්‍ය නම් ඔහුගේ දේශපාලනය ස්වාධීනව කරගත හැකි බවත්, පොදුජන පෙරමුණ තුළ සිට පක්ෂයේ එකඟතාවයන් කඩ කරමින් මේ ආකරයේ අත්තනෝමතික හැසිරීමක් සිදු කිරීමට ඉඩ දිය නොහැකි බවත්ය.