දිනසේන රතුගමගේ –
යාපනය හා පේදුරුතුඩුව අධිකරණවලින් නිකුත් කරණ ලද අධිකරණ නියෝග නොතකා පෙළපාලි ගිය දෙමළ ජාතික සන්ධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් ශානක්‍යන් රාසපුත්‍රම් යන මන්ත්‍රීවරුන්ට හා යාපනය නගරාධිපති වී.මනිවන්නන් යන අයට එරෙහිව පොලීසිය පේදුරුතුඩුව අධිකරණයේ 9 දා නඩු පවරා තිබේ.
මෙම පාගමන වළක්වාලමින් යාපනය පේදුරුතුඩුව නෙල්ලි අඩි හා වැල්වෙට්ටිතුරෙයි යන පොලීසි අධිකරණ නියෝග ලබා ගෙන තිබූ අතර පෙළපාළිකරුවෝ එම නියෝග නොතකා එම අධිකරණ බල ප්‍රදේශ හරහා පෙළපාළි පවත්වා තිබේ.
මේ පෙළපාළිවලට සහභාගී වූ පිරිස වීඩියෝ මගින් හඳුනාගෙන ඉදිරි කාලයේදී ඒ සියලුම දෙනාට එරෙහිව නඩු පැවරීමට උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන කීපයක්ම පියවර ගෙන තිබේ.