“මම ඉල්ලා අස්වුණේ නෑ”

අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බවත් ජනාධිපතිවරයාට එවැනි අස්වීමේ ලිපියක් යැවූ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් අධිකරණ අමාතය අලි සබ්රි මහතා ලංකාසර ට පැවසීය.

කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු සම්බන්ධයෙන් තමන්ට රජය කරගෙන යන වැඩපිළිවෙළට වෙනස් මතයක සිටියත් ඒ අයුරින් තනතුරුවලින් අස්වීමේ අවශ්‍යතාවක් හෝ අදහසක් නොමැති බවද ඔහු පැවසීය.

අද දින ජනාධිපතිවරයා වෙත තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියක් දුන් බවට වන වාර්තා පිළිබඳ ව අමාත්‍යවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කළේය.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ තමන්ට එම මතය දැරීමට අයිතියක් ඇති බවත් එය රජයේ සාමාජිකයකු ලෙස වගකීම් දැරීමට බාධාවක් නොවන බවය.

Exit mobile version