මනූෂ නානායක්කාර ගැන පොලිසි දෙකකින් සොයයි !

ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි. ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පොලිසිය භාර අමාත්‍යංශයේ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව අහංගම සහ හබරාබදූව පොලිස් ස්ථානවල මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් පොලිසියට පවතින පැමිණිලි ආදිය සම්බන්ධයන් සියලු දේ සොයා බලන ලෙස ඉහළින් නියේගයක් ලැබි ඇති බවට තොරතුරු අනාවරණය වන බව සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය.

මනූෂ නානායක්කාර මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රථවාහන පාලනය සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් සකස් කරන ලද නව වයාපෘති වාර්තාවට අනුව එහි ඇතැම් තාක්ෂණික උපකරණ ගෙන්වන සිකුරාටෙක් නැමති සමාගමේ සේවකයන් සහ අධෂ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු අමාත්‍යංශයේ මෙ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පත් කරන ලද උපදේශකයන් ලෙස ක්‍රියා කරන බව මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා එහිදී අනාවරණයක් කළේය. මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී නව ව්‍යාපෘතිය හරහා පොලිසියට දඩ මුදල් ලෙස පැමිණීට නියමිත බිලියන 4.7ක ලාභයෙන් මාසයෙන් මිලියන 83ක් කුලියට ලෙස ගමු යයි සිදුවූ කතා බහ සම්බන්ධ හඬ පට ද පවතින බව නානායක්කාර මන්ත්‍රිවරයා එහිදී සඳහන් කළේය. මේ තොරතුරු තමන් පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ජනාධිපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවද ඔහු එහිදි තවදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මීට ප්‍රතිචාර දැක්වූ මහජක ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් විරසේකර මහතා වරප්‍රසාදවලට මුවා වී ඔය වැනි කතා නොකියන ලෙසත් මෙම චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත කළේ නම් තමන් වන්දි ඉල්ලා නඩු දමන බවත් ප්‍රකාශ කළේය.


Exit mobile version