දිනසේන රතුගමගේ –
මෙවර වෙසක් සමය නිමිත්තෙන් යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්.මලරවන් මහතා විවිධ අක්ෂි රෝග වලින් පෙලෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීමේ පුණ්‍යමය කටයුත්තක් ආරම්භ කොට තිබේ.
”දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර ” වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින මලරවන් වෛද්‍යවරයා යාපනය ශීක්ෂණ රෝහල තුළ සෑම වසරකම වෙසක් උත්සවයක් සංවිධානය කිරීමට පුරෝගාමීව කටයුතු කරණ වෛද්‍යවරයෙකි.මලරවන් මහතා පැවසුවේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තමන් දිවා ආහාර විවේකය හා තේ පානය සදහා ඇති කාලයද වැය කොට විවිධ අක්ෂි ආබාධ සහිත රෝගීන් 2000 කට නොමිලයේ සැත්කම් සිදු කරගෙන යන බවත් මේ වැඩසටහන නිමා කරන්නට ටික දිනක් ගතවනු ඇති බවත් ඊට සහභාගි වන්නන්ගෙන් විශාල පිරිසක් දකුණු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන සිංහල ගොවි ජනතාව බවත්ය.