ශ්‍රියානි විජේසිංහ –
මන්නාරම මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ආහාර සකසන මුලුතැන්ගෙය පණුවන් ගැසූ අපිරිසිදු ස්ථානයක් බව මන්නාරම මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු විසින් වාර්තා කළහ.
ඔවුන් මේ බව වාර්තා කරන්නේ රෝහලේ රෝගීන් සඳහා අද උදෑසන ආහාරය සකස් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ගොස් මුළුතැන්ගෙය ද පරීක්ෂා කළ අවස්ථාවේය.

රෝහල් අධිකාරිය රෝගීන්ට අද (21) උදෑසන ආහාරය සඳහා ලබා දීමට සූදානම් කර තිබූ කඩලවල පනුවන් සහ ගුල්ලන් සිටින ආකාරය මෙහිදී මහජන පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී ඇත. පසුව ඔවුන් එම ආහාර රෝගීන්ට ලබා නොදී විනාශ කිරීමට කටයුතු කර තිබේ.
රෝහල් කුස්සිය තවදුරටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් පරික්ෂාවට ලක්කිරීමේදී පොල්ගාන මැෂිම කඩතොලුව තිබු අතර එම කඩතොලු අතර පණුවන් අරක්ගෙන තිබු බව නිරීක්ෂණය විනැයි ඔවුහු ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුහ.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂවරයා දැනුවත් කර රෝහල් මුළුතැන්ගෙය වහාම පිරිසිදු කර රෝගීන් ආහාර පිළියෙළ කරන ලෙසට උපදෙස් දුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවසුහ.
මින් ඉදිරියට රෝගීන්ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමු කරන මෙන්ද නැතහොත් නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවනු ඇති බවද මහජන සෞඛ්‍යවරුන් මුළුතැන්ගෙයි සේවකයින්ට අනතුරු අඟවා ඇත.







