දිනසේන රතුගමගේ –
බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම සුළගට හසු වී අද ( 03) උදෑසන ගසා ගෙන ගොස් ඇතැයි මන්නාරම එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කළේය.
මෙසේ ගසා ගෙන ගිය ධීවර බෝට්ටු ගල්පර වලහා එම බෝට්ටු එකිනෙක ගැටී බෝට්ටු විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී ඇති බවද ධීවර සංගමය සදහන් කරයි.
පේසාලේ හා මන්නාරමේ ධීවර වාඩි 150 කට වඩා වැඩි සංඛ්‍යාවක් සුළගට හසු වී ඒවා මුහුදට ගසා ගෙන ගොස් තිබේ.
පේසාලේ ධීවර ජනතාව විසින් වන්දනා මාන කළ දේවස්ථානයක්ද සුළි සුළගට හසු වී විනාශ වී ඇති අතර එහි කොටස් කීපයක්ම මුහුදට ගසා ගෙන ගොස් තිබේ.