අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකු වෙත ලබා දුන් විශේෂ වරප්‍රසාද ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දය පැවති දිනයෙන් පසුව ද අඛණ්ඩව ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණය කරන්නේ මෙම මන්ත්‍රිවරුන් පස් දෙනා සඳහා ඉන්ධන පහසුකම් සහ රියදුරකු සමඟ ප්‍රවාහන පහසුකම්ද ලබා දෙන බවය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (16) ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.
එහිදී පැමිණ සිටි පිරිස අමතා විපක්ෂ නායකවරයා කීවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තමන් වෙත නම්මා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැඳින්විය හැකි බවත් ය.
සහන ස්වරූපයෙන් මෙම අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් ඔහු හෙළි කළේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් ඉදිරි මාස කිහිපයක් තුළ තව දුරටත් ක්‍රියාත්මක කරන ලෙස එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා වී ඇතැයි ඔහු කීවේය.
.