මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය භාර ගැනීම සඳහා ඔහුගේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් හිස්වන මන්ත්‍රී ධුරය සඳහා පොදුජන පෙරමුණ ධම්මික පෙරේරා නම් කර ඇත. බැසිල් රාජපක්ෂ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සදහා ධම්මික පෙරේරා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට මේ වනවිට දැනුම් දී තිබේ.
ඔහු වෙනුවෙන් නව අමාත්‍යාංශයක් නිර්මාණයකර ඇමති ධුරයක් පිරිනැමීමට ද ආණ්ඩුව සූදානම් වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
බැසිල් රාපක්ෂගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළේ ප්‍රධාන භූමිකාවක් ධම්මික පෙරේරා වෙත පැවරෙනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග මේ වනවිට හෙළි කර ඇත.