පසුගියදා පැවැති තිමිරිගස්යාය ප්‍රාෙද්ශීය සංවර්ධන කමිටු රැස්වීමේදි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණ තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ එම තීන්දුව නොසලකා කටයුතු කරන ලෙසට ඇය විසින් උපදෙස් දුන් බවට කළ ප්‍රකාශයෙන් සිදුවූ අධිකරණයට අපහාස විම පිළිබඳ ව වහාම නිතිය ක්‍රියාත්මක කරන්නැයි නව ජනතා පෙරමුණ අද (21) අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පක්ෂයේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ හා සීතාවක ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ඇතුලු පිරිසක් මෙසේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් බාර දෙමින් නීතිඥවරියකද වන මෙම මන්ත්‍රිවරිය විසින් අධිකරණයට සිදු කළ අපහාසය සම්බන්ධව නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
එහිදි අදහස් දැක්වු සීතාවක ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ,
පසුගිය තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කළා. එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව කියා තිබුණා. මේ මාලිමා ආණ්ඩුව උත්සහා කරනවා දැන් එය සාධාරණිකරණය කරන්න එය පරිපාලනමය කටයුත්තක් කියලා.
මේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටින්නේ ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කර නෑ . එහිදි සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වනවිට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය මහතා විසින්ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක කර නොසිටි ඇති බවයි. ලක්මාලි මන්ත්‍රිතුමිය තුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිළධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතරයි ද කියලා.
සමස්ත අධිකරණ කේෂ්ත්‍රයටම සිදු කල අභියෝගයක් ලෙස මෙය දකින්න පුළුවන්. අධිකරණ තීන්දුවක් නිතිඥවරියක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අමු අමුවේ විචේචනය කිරීම අධිකරණයට සිදු කළ බරපතල අපහාසයක්. ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියට වහාම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා.
මීට කලින් අපි දැක්කා ලාල් කාන්ත මහත්තයා බලය ලබා ගන්න කලින් කිව්වා. නඩු අහන්න බලය ගමට ලබා දෙනවා කියලා. ඒ කියන්නේ පාරක් පාරක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් උඩ ඉදගෙන නඩු විසදන්න තමයි එදා බලය දෙනවා කිව්වේ. ඒ කද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අහන්න කැමති.







