රට මේ තරම් අර්බුදයට පත්ව තිබුණත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කරලියෙන් ඉවත්ව නොගොස් ඔහුගේ ගෝලයන් මන්ත්‍රීවරුන් බිලි බෑමේ දැඩි උත්සාහයක මේ වනවිට නියැලෙමින් ඇති අයුරු අද (13) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හෙළි කළේය.
මේ වනවිටත් තමන් සමඟ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකොළෙහේ නියෝජිතයන් හමුවට පැමිණෙන මේ පුද්ගලයින් විවිධ වරදාන වරප්‍රසාද අල්ලස් ලෙස පිරිනමමින් සිටින බව ද ඔහු අනාවරණය කළේය.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ ගේ ගෝලයකු වන මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රි සගයකුගේ නිවසට අලුයම දෙකට පැමිණ පෙරවරු 8.00 වන තෙක් සාකච්ඡා කර ඇතැයි ඔහු කීවේය.
බැසිල් රාජපක්ෂ ඉදිරියේදී රටේ නායකත්වයට එන බවත් ඔහුගේ කණ්ඩායමට මෙම මන්ත්‍රිවරයා එක් කර ගැනීමට මහත් බලාපොරොත්තුවක් ඇති බවත් සඳහන් කරමින් ජයන්ත කැටගොඩ විවිධ ඇමති තනතුරු ඇතුළු වරදාන ගැන මෙම මන්ත්‍රීවරයා සමග කතා බහ කර ඇතැයි අනාවරණය කළේය.
එමෙන්ම පොහොට්ටු කාර්යාලයේ සිටි දැනට මිල්කෝ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන බැසිල් රාජපක්ෂ ගේ විශ්වාසවන්තයකු වන රේණුක පෙරේරාත් බැසිල් රජපක්ෂගේ හුරතලකු වන සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයාත් මේ ආකාරයට විමල් වීරවංශ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් හමුවට පැමිණ ආණ්ඩුවේ බහුතරය සාදා ගැනීමට අවශ්‍ය ඔලුගෙඩි වෙනුවෙන් අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇති බවද අනාවරණය කළේය.
“මේ වනවිට රටේ මධ්‍යම පන්තියේ ජනතාව , තරුණයන් ඇතුළු සමස්ත රටේ ජනතාව රට වෙනුවෙන් පොදු අරගලයක නියැලෙද්දී රජය ප්‍රතික්ෂේප කරද්දී එය දේශපාලනිකව බුද්ධිමත්ව විසඳා ගැනීම වෙනුවට ශාන්ත බණ්ඩාර ට ඇමතිකමක් දුන්නා වගේ ඉන්න අයට ටිකකට ඇමතිකම් දීල 113ක ඔළු ගෙඩි හදා ගැනීමේ ගොං පාට් දමන්න එපා. ඒක තරම් කතකතිරු මෝඩකමක් තවත් නෑ.“
“මේ පවතින අර්බුදය හමුවේ රට නිවැරදි මඟකට ගන්නට අන්තර් කාලීන පාලන තන්ත්‍රයක් බිහි කිරීම ගැන යෝජනා වෙලා තිබෙනවා. අපි මේ ගැන විපක්ෂ නායකවරයා ඇතුළු සියලු දෙනා සමඟත් සාකච්ඡා කළා. ඒකත් අපට අභියෝගයක්ව තිබෙන්නේ.
එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ ශාන්ත බණ්ඩාෙට ඇමතිකම් දෙනවා. රට පාලනය කරන උදවියට සැලුන් දොරින් ගන්නව යනවා කියන හම්පඩ ගැහිච්ච, වර්තමාන තරුණ පරපුර නොදිරවන ගොංපාට් කරන්න එනවා.
ප්‍රශ්නේ ඔය විදිහට නම් බේරගන්නේ ඒක අපි බලමු. ඔය විදිහට ප්‍රශ්න බෙර ගන්න නම් බලන්නේ . කොහෙන් හරි මැට්ටෝ ටිකක් ගෙනල්ල කැබිනට් එකක් කියල අටමගලක් හදල අර්බුදය විරෝධය යටපත් කරන්න අමාරුයි. එහෙම හිතනවා නම් ආණ්ඩුව ඒ වගේ ගොංමැටි තකතීරු නිගමනයක් තවත් නෑ.“
අපි අන්තර් කාලින පාලනය පිළිබඳව අදහස ඉදිරිපත් කළේ අවංකව. ඒක හරියට වටහා ගන්නේ නැතිව පරණ තාලේ වැඩ නම් කරන්න යන්නේ ඒක එහෙම විසඳෙන්නේ නෑ. රටේ තරුණ තරුණියො ඉල්ලන වෙනස ඒක නෙවේ.ඔවුන්ට ඕන සාධාරණ යුක්තිගරුක සමාජයක්.“ යයිද පැවසීය.