සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධුරෝ පැහැර ගැනීම – ඇමරිකාව ලෝකයේ මළගම සැලසුම් කරමින් ද?

by editor
ජනවාරි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දශක ගණනාවක් තිස්සේ රැකගත් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් සහ ස්වෛරීභාවයේ සීමාවන් සුණු විසුණු කරමින්, 2026 ජනවාරි 3 වන දින අලුයම ලෝකයම මවිතයට පත් කළ පුවතක් වාර්තා විය. ඒ, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්, කැරකස් අගනුවර සිදුකළ “දැවැන්ත වැටලීමකදී” අත්අඩංගුවට ගත් බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ නිවේදනයයි.

මෙම මෙහෙයුම හුදු අත්අඩංගුවට ගැනීමක් පමණක් නොවේ.  එය 1989 පැනමා ආක්‍රමණයෙන් පසු, ස්වෛරී රාජ්‍යයක නායකයෙකු සෘජු මිලිටරි මැදිහත්වීමක් හරහා බලහත්කාරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.

 ‘ඩෙල්ටා ෆෝස්’ ප්‍රහාරයේ තීරණාත්මක හෝරා කිහිපය

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මෙහෙයුම ආරම්භ වී ඇත්තේ ජනවාරි 3 වනදා අලුයම 2:00 ට පමණය. “ලා කාලෝටා” (La Carlota) ගුවන් තොටුපළ සහ මධුරෝගේ ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයක් වූ “ෆුවර්ට් ටියුනා” (Fuerte Tiuna) කඳවුර ඉලක්ක කර ගනිමින් ප්‍රබල පිපිරීම් මාලාවක් සිදුවූයේය. මෙය ප්‍රභූ ‘ඩෙල්ටා ෆෝස්’ (Delta Force) ඒකක සහ අති නවීන ගුවන් ප්‍රහාරක යානා ඒකාබද්ධව දියත් කළ මනාව සැලසුම් කළ ප්‍රහාරයකි.

අලුයම 4:21 ට ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා මෙසේ සටහන් කළේය: “ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායකයාට එරෙහිව සාර්ථක මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කළා… ඔහුව අල්ලා ගත්තා, දැන් ඔහු අපේ භාරයේ.” මධුරෝව මේ වන විටත් නිව්යෝර්ක් වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය  ත්‍රස්තවාදය (Narco-terrorism) පිළිබඳ බරපතල චෝදනා මේ වනවිට එල්ල කර තිබේ.

මෙම සිදුවීම හුදකලා මිලිටරි ක්‍රියාවක් නොව, ට්‍රම්ප් පරිපාලනයේ “උපරිම පීඩනය 2.0” (Maximum Pressure 2.0) උපායමාර්ගයේ උච්චතම අවස්ථාවයි. මින් පෙර පැවති ඇමරිකානු පාලන සමයන් හිදී අනුගමනය කළ “සෙවනැලි යුද්ධ” හෝ රහසිගත මෙහෙයුම් වෙනුවට, ට්‍රම්ප් මෙවර තෝරාගෙන ඇත්තේ සෘජු සහ විවෘත මිලිටරි බලය ප්‍රදර්ශනය කිරීමය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඇරමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසන පරිදි, මෙය “පාලන තන්ත්‍ර වෙනසක්” (Regime change) නොව, “නීතියෙන් පලාගිය අපරාධකරුවෙකු කොටු කර ගැනීමකි.”  ඇමරිකාව විසින් මධුරෝව “පාලකයෙකු” වෙනුවට “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු” ලෙස ලෝකය හමුවේ හංවඩු ගැසීම  මෙම සෘජු මිලිටරි මැදිහත්වීම සඳහා සාධාරණීකරණයක් ගොඩනැගීමට උපකාරී කොට ඇත .  මෙමගින් ඇමරිකාව මුළු ලොවටම ලබාදෙන පණිවිඩය පැහැදිලිය. ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම නායකයෙකුට ඔවුන්ගේම නිවෙස් තුළ ආරක්ෂාවක් නැත.

ජාත්‍යන්තර නීතිය සහ සදාචාරාත්මක අර්බුදය

ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය “පිළිගත හැකිද?” යන්න පිළිබඳව ලෝකය දෙකට බෙදී ඇත. පක්ෂව නැගෙන තර්ක නම් 2024 මැතිවරණයෙන් පසු මධුරෝගේ පාලනය නීත්‍යානුකූල නොවන බවත්, ඔහු වෙනිසියුලාව “මාෆියා රාජ්‍යයක්” බවට පත් කළ බවත්ය. එය  ඇමරිකානු හිතවාදීන්ගේ කියැවීමය. ෆ්ලෝරිඩාවේ වසන වෙනිසියුලානු සරණාගතයින්ට මෙය “විමුක්තියේ උදාවකි”.

විපක්ෂව නැගෙන තර්ක රැසකි.  බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මෙය හඳුන්වන්නේ “ස්වෛරීභාවයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක්” ලෙසය.  රුසියාව මෙය ජාත්‍යන්තර මංකොල්ලයක් ලෙස හඳුන්වා ඇත.

මේ පැහැර ගැනීම  අහම්බයක් නොවේ…

ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර පවතින මෙම ගැටුම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එය දශක ගණනාවක දේශපාලනික, ආර්ථික සහ මිලිටරිමය බල අරගලයක ප්‍රතිඵලයකි.

ඇමරිකාවේ මෙම “ආක්‍රමණශීලී හැසිරීමේ” ඉතිහාසය ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් ඔස්සේ පෙළ ගැසෙන්නේය.

වෙනිසියුලාව සහ ඇමරිකාව අතර සබඳතා බිඳ වැටීම ආරම්භ වූයේ 1999 දී හියුගෝ චාවේස් බලයට පත්වීමත් සමඟයි. ඔහු අනුගමනය කළ සමාජවාදී ප්‍රතිපත්ති සහ ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීම ඇමරිකාවේ දැඩි අප්‍රසාදයට හේතු විය.

2002 දී චාවේස්ව බලයෙන් පහ කිරීමට උත්සාහ කළ අසාර්ථක මිලිටරි කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු සහාය ඇති බවට චාවේස් දිගින් දිගටම චෝදනා කළේය. මෙය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වීමේ ආරම්භය විය.

2013 දී චාවේස්ගේ අභාවයෙන් පසු නිකොලස් මධුරෝ බලයට පත් විය. 2015 දී බැරැක් ඔබාමා පාලන සමයේදී වෙනිසියුලාව “ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අසාමාන්‍ය තර්ජනයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් විධායක නියෝගයක් නිකුත් කරන ලදී. මධුරෝ ගේ පාලනයම ඇමරිකාව දුටුවේ තර්ජනයක් ලෙසය. මෙම විධායක නියෝගයේ  අරමුණ වූයේ වෙනිසියුලානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම සඳහා නීතිමය පදනම සකස් කිරීමය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේදී (2017 – 2021) වෙනිසියුලාව සම්බන්ධයෙන් අතිශය දැඩි පිළිවෙතක් අනුගමනය කරන ලදී. ඔහු උපරිම පීඩනය සහිතව   වෙනිසියුලාවේ ආර්ථිකයේ කොන්ද පණ ගැන්වූ තෙල් කර්මාන්තයට (PDVSA) එරෙහිව දැඩි සම්බාධක පැනවූයේය.  එමගින් රජයේ ආදායම් මාර්ග අවහිර කරන ලදී.

2019 දී විපක්ෂ නායක ජුවාන් ගුවායිඩෝ වෙනිසියුලාවේ “වැඩබලන ජනාධිපති” ලෙස ඇමරිකාව පිළිගත්තේ මධුරෝව නීත්‍යානුකූල නොවන පාලකයෙකු ලෙස හංවඩු ගසමිනි.

“සියලු විකල්ප මේසය මත තිබේ” (All options are on the table) යන ප්‍රකාශය හරහා ට්‍රම්ප් එවකටත් මිලිටරි ආක්‍රමණයක් පිළිබඳ ඉඟි පළ කළේය.

2020 දී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මධුරෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට එරෙහිව “මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය” (Narco-terrorism) පිළිබඳ චෝදනා ගොනු කළේය. මධුරෝව අල්ලා ගැනීමට සහාය වන්නෙකුට ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කරන ලදී. වත්මන් “වැටලීමට” සැබෑ පදනම වැටුණේ මෙම නීතිමය ක්‍රියාමාර්ගය හරහාය.

ඇමරිකාවේ උපායමාර්ගික අරමුණුඇමරිකාව වෙනිසියුලාව සම්බන්ධයෙන් මෙතරම් ආක්‍රමණශීලී වීමට හේතු කිහිපයක් තිබේ.  ලෝකයේ  විශාලතම තෙල් සංචිතය පවතින්නේ වෙනිසියුලාවේය. එම සම්පත් පාලනය කිරීම ඇමරිකාවේ දිගුකාලීන උපායමාර්ගයකි.

රුසියාව, චීනය සහ ඉරානය සමඟ වෙනිසියුලාව පවත්වන සමීප සබඳතා ඇමරිකානු කලාපයේ (Western Hemisphere) ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඔවුන් දකියි. එමෙන්ම ලතින් ඇමරිකාව තුළ “සමාජවාදී ව්‍යාප්තිය” නැවැත්වීම ඇමරිකාවේ “මොන්රෝ මූලධර්මය” (Monroe Doctrine) ට අනුකූල වේ. මෙම ඉතිහාසය දෙස බලන විට, 2026 දී සිදුවූ මෙම “දැවැන්ත වැටලීම” යනු වසර 25 කට අධික කාලයක් තිස්සේ ඇවිලෙමින් තිබූ ගින්නක උච්චතම අවස්ථාව බව පැහැදිලි වේ.

මධුරෝ පහැර ගැනීමෙන් පසු වීදිබට කම්පිත ජනතාව…

ගෝලීය බලපෑම

මෙම වැටලීම නිසා ඇමරිකාව සිය ප්‍රධාන ප්‍රතිවාදීන් වන රුසියාව සහ චීනය සමඟ සෘජු ගැටුමකට අවතීර්ණ වී ඇත. මුලින් කී අයුරිනම රුසියාව මෙය ජාත්‍යන්තර මංකොල්ලයක් ලෙස හඳුන්වා තිබේ.   වෙනිසියුලාව යනු ලතින් ඇමරිකාව තුළ රුසියාවේ ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවාය. මෙම ප්‍රහාරය රුසියානු ආරක්ෂක වළල්ලට එල්ල කළ මාරාන්තික පහරක් ලෙස මොස්කව් පාලනය දකියි. මෙය යුක්රේන යුද්ධය තවදුරටත් සංකීර්ණ කරමින් නේටෝ (NATO) කලාපයට ද බලපෑම් කළ හැකි සාධකයකි.

තවද  චීනය සමඟ ඇතිවන ආර්ථික සහ මූල්‍ය ගැටුම මේ සමග ඇමරිකාව විසින් කම්පනය කර ඇති ආකාරය පෙනේ.   චීනය වෙනිසියුලාවේ විශාලතම ණය හිමියා ය. මධුරෝ පාලනයට චීනය ඩොලර් බිලියන ගණනින් ණය ලබා දී ඇත්තේ වෙනිසියුලානු තෙල් සම්පත ඇපයට තබාගෙනය. ඒ සමග චීනය දැවැන්ත ණය අර්බුදයක පැටලෙන්නේය.  මධුරෝ ඉවත් කිරීමත් සමඟ චීනයට ලැබීමට ඇති ණය මුදල්වලට කුමක් සිදුවේද යන්න ප්‍රශ්නගතවන බැවිනි. ඇමරිකාව පත් කරන නව රජයක් චීන ණය ගෙවීම ප්‍රතික්ෂේප කළහොත්, එය ඇමරිකා-චීන වෙළඳ යුද්ධය තවදුරටත් උග්‍ර කරනු ඇත.

එමෙන්ම චීනය සිය බලශක්ති අවශ්‍යතා සඳහා වෙනිසියුලානු තෙල් මත යම් ප්‍රමාණයකට යැපේ. ඇමරිකානු හිතවාදී රජයක් යටතේ එම තෙල් සැපයුම අවහිර වනු ඇතැයි චීනය බිය වේ.   මේ තත්ත්වය තුළ මෙම වැටලීමත් සමඟ ලෝකය පැහැදිලි කඳවුරු දෙකකට බෙදීම වේගවත් වනු ඇති බවට පැහැදිලි දැකුම් පෙනෙමින් ඇත.

රුසියාව, චීනය, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල් එක්ව නව ආරක්ෂක සහ ආර්ථික සන්ධානයක් (උදාහරණයක් ලෙස BRICS+ ශක්තිමත් කිරීම) ගොඩනැගීමට මෙම සිදුවීම උත්ප්‍රේරකයක් වනු ඇති බවට විචාරක මත පල වෙමින් තිබේ. එමෙන්ම  එක්සත් ජාතීන්ගේ සංගමයේ  ආරක්ෂක මණ්ඩලය තුළ රුසියාව සහ චීනය ඇමරිකානු යෝජනා වලට නිශේධ   බලය යොදමින් දැඩි බාධා පැමිණ වීමේ   තත්ත්වයන් ද ඉදිරියේ දී දැක ගත හැකි වුනු ඇති බවට පුරෝකථන වේ.  තෙල් මිල ඉහළ යාම සහ චීන-ඇමරිකානු සැපයුම් දාමයන්හි අවහිරතා හේතුවෙන් ගෝලීය උද්ධමනයක් ඇති විය හැකි බවට දැනටම මත පලවී ඇත. සාරාංශයක් ලෙස, මධුරෝව අල්ලා ගැනීම ඇමරිකාව ලැබූ උපක්‍රමික ජයග්‍රහණයක් වුවද, එය රුසියාව සහ චීනය වැනි දැවැන්තයන් සමඟ පවතින “සීතල යුද්ධය” උණුසුම් යුද්ධයක් (Hot War) කරා ගෙන යාමට ඇති ඉඩකඩ වැඩිය.

මේ හැසිරීම පිළිගත හැකි ද?

ඇමරිකාවේ මෙම හැසිරීමේ “පිළිගත හැකි බව” තීරණය වනුයේ ඉදිරි මාස කිහිපය තුළ වෙනිසියුලාවට අත්වන ඉරණම මතය.  වෙනිසියුලාව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කළහොත්, ට්‍රම්ප්ගේ මෙම පියවර ලෝක ඉතිහාසයේ “ඒකාධිපතියෙකු ඉවත් කිරීමේ සාර්ථක මෙහෙයුමක්” ලෙස හැඳින්වෙනු ඇත. මධුරෝට හිතවාදී “බොලිවේරියානු මිලිෂියාවන්” ගරිල්ලා සටන් ආරම්භ කළහොත්, ඇමරිකාවට සිය අසල්වැසි කලාපයක තවත් “වියට්නාමයක්” හෝ “ඇෆ්ගනිස්ථානයක්” උරුම වනු ඇත. වටහා ගත යුත්තේ සාධාරණීකරණය තීරණය වන්නේ ප්‍රතිඵලය මත බවය.

කෙසේ වෙතත්  ජාත්‍යන්තර නීතියට අනුව ඇමරිකාවේ මෙම හැසිරීම බරපතල වරදකි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසිදු රටකට තවත් රටක දේශපාලන ස්වාධීනත්වයට අතපෙවීමට අයිතියක් නැත. එහෙත්, ට්‍රම්ප් පාලනය පෙන්වා දෙන්නේ “මත්ද්‍රව්‍ය ජාවාරම” සහ “මහජන පීඩනය” හමුවේ සාම්ප්‍රදායික ස්වෛරීභාවය අදාළ නොවන බවය.

කෙසේ වෙතත් ලෝකය ඒක් යථාර්ථයක් දකිමින් හිඳී .  මධුරෝ ග්‍රහණයට ගැනීම යනු හුදු වෙනිසියුලාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ඇමරිකාව විසින් ලෝකයට ලබාදුන් පණිවිඩයකි:

“අපට අවශ්‍ය නම් ඕනෑම තැනක ඕනෑම නායකයෙකු ඉවත් කිරීමට අපට හැකිය.” මෙම ‘මොට’ බලය භාවිත කිරීම ජාත්‍යන්තර නීතියේ මරණය සනිටුහන් කර ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ ලෝකය වඩාත් අස්ථාවර සහ අනතුරුදායක තැනක් බවට පත්වීමේ අවදානම මතු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ඇමරිකානු ජාතික කණ්ඩායමට කැඳවයි!

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ  හිරි ඔතප් බිඳ දැමූ Buddy.net  කතාව… 

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.