සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ  හිරි ඔතප් බිඳ දැමූ Buddy.net  කතාව… 

අපේ උලපනේ හාමුදුරුවො   කියනකම් කවුරුත් දැනගෙන ඉඳලා නෑ අප්පා...

by editor
ජනවාරි 4, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

Buddy.net  දැන්  ලංකාවේ බ්ලොක් කර තිබේ.  6 වසර ඉංග්‍රීසි පෙළපොතේ සඳහන් සමලිංගික සහකරුවන් සොයා ගත හැකි ප්‍රවේශ සපයන වෙබ් අඩවියට   පිවිසෙන්නට අවශ්‍ය කෙනෙක් වේ නම් දැන් VPN එකකින් ට්‍රයි කළ යුතුය.

මේ සමග  අලුතින් ප්‍රශ්න කීපයක් මතුවේ.

Buddy.net  වෙත ලංකාව තුළ දී ප්‍රවේශය වැලැක්වූයේ ඇයි?.  එසේ  වලක්වන්නට හේතුව කුමක් ද?.  එය අසභ්‍ය හෝ සංස්කෘතික වශයෙන් ව්‍යභිචාරී යැයි හඳුනා ගන්නා වෙබ් අඩවියක් නිසා ප්‍රවේශය තහනම් කළා ද?.  එවැනි වෙබ් අඩවියක් අවුරුදු 10ක් වයසැති පාසල් දරුවෙකුගේ ඉංග්‍රීසි අධ්‍යාපන පෙළ පොතට ඇතුළත් කරන්නේ මොන පදනමකින් ද?.  අඩුම ගානේ   සංස්කෘතික නියාමනයන්  ඕනෑම අවස්ථාවක ප්‍රමුඛ විය හැකි රටක් තුළ සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු රිද්මය හඳුනා නොගැනීමට තරම් අධ්‍යාපන අමාත්‍යවරිය ප්‍රමුඛ ඇයගේ කණ්ඩායමට තිබුනු හදිස්සිය කුමක් ද?.

දැන් පෙනෙන ආකාරයට  ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු  උලපනේ සුමංගල හිමියන් විසින් හඳුනාගත්  බව ප්‍රකාශිත, කාදිනල් තුමා විසින් ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබූ  Buddy.net   සිද්ධිය උන්නාසේලා කියන තුරු එකෙක්වත් දැනගෙන  සිට නැත.  .

Buddy.net  ගැන දැන්  ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දන්නේත් නැත.   මොඩියුල කසක් කළ උන් දන්නේත් නැත.  අධ්‍යක්ෂ ජනරාල්වරිය  මොඩියුල අනුමත කර    ශාස්ත්‍රීය සභාව වෙත යවා ඇත්තේත් නොදැනුවත්වය.  ශාස්ත්‍රීය සභාවේ උන් නොදැන්වත්ව අනුමැතිය දී  ආයතන සභාව වෙත යොමු කර ඇත. මෙතරම් පෙරහන් පද්ධතියකින් පෙරී විත් සියල්ලන්ගේ  අනුමැතිය සහ නිර්දේශය මත මුද්‍රණය වී ඇති  මෙම මොඩියුලයට Buddy.net   ඇතුළත් වී ඇති බවත් එය සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක් බවත් අපේ උලපනේ සුමංගල හාමුදුරුවන් කියනකම් එකෙක්වත්  දන්නේ නැත.  දැන් අපට ආණ්ඩුව යෝජනා කරන්නේ මේ  වඳුරු කුණුහරපය පිළිගන්නට කියාය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

Buddy.net     මොඩියුලයේ මුද්‍රණය වීම අහම්බයක් ලෙස හෝ කුමන්ත්‍රණයක් ලෙස අර්ථගැන්වීමට පෙර  මේ කියන්නේ කුමක්දැයි හරියටම දැනගත යුතුය.  මේ ඇත්තේ එම ප්‍රශ්නගත මොඩියුල පිටු 02ය.

 

ඉංග්‍රීසි භාෂාවෙන් තමන් හඳුන්වා දීම සම්බන්ධ ප්‍රවේශය මේ පිටුවෙන් දරුවාට ලබා දෙන්නේය.  එංගලන්තයේ ජපානයේ සහ ඉන්දියාවේ දරුවන් තිදෙනෙක් තමන්ගේ උස, බර, විනෝදාංශ, අනාගත රැකියා බලාපොරොත්තුව කැමතිම ආහාර ආදී සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නේය. ඒ ඇසුරින් ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේය.

ගැටලුව මේ මොඩියුලයේ දැක්වෙන දරුවන්ගේ ජීව දත්ත තොරතුරු Buddy.net   වෙබ් අඩවිය සඳහන් කර එම වෙබ් අඩවියෙන් ලබා ගත් බව කීමය. එම දරුවන් තිදෙනාගේම විස්තර උපුටාගෙන ඇත්තේ    Buddy.net  වලින් බව දැක්වෙන්නේය. ඒ පිටුවම වෙන් කර ඇත්තේ Buddy.net   ප්‍රවර්ධනයටය.  දරුවන්ට මිතුරන් සොයා ගැනීම සඳහා Buddy.net ප්‍රවේශයක් බව පෙළපොතම සඳහන් කර ඇත්තේය. ඔන්ලයින් මිතුරන් සොයා ගැනීම සදහා එහි පල කිරීමට තමන්ගේ ජීව දත්ත සටහනක් සකස් කිරීමේ ක්‍රියාකාරකමකට 51 වැනි පිටුවේ දී දරුවා යොමු කරවන්නේය.  එහෙත් තාප්පයට කෙළ ඇත්තේ  මේ Buddy.net   යනු සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක් වීමය.

මොඩියුලයේ 50 පිටුවේ ස්ථාන හතරක වෙබ් අඩවිය ගැන ප්‍රමුඛව සඳහන් කර ඇත්තේය. 51 වැනි පිටුවේත් ඒ වෙබ් දිගුව තැන් දෙකක සඳහන්ය. මේ තත්ත්වයේ බිහිසුණුම යථාර්ථය අපට පෙනෙන්නේ මේ ප්‍රතිසංස්කරණ ධාරාව  අන්ර්ජාලය සහ ඩිජිටල් ප්‍රවේශයන් වඩාත් විවර කරන එකක් බවට පත්වීම නිසාය.  අධ්‍යාපන පද්ධතිය තුළ ඩිජිටල්කරණය දිරිමත්  කරද්දී  ඒ සඳහා අවශ්‍ය ආරක්ෂණ ක්‍රමවේද (Cyber Safety) පිළිබඳ බලධාරීන්ගේ  නොදැනුවත්කම අපව තිගස්වන්නේය. අනෙක් විශේෂිත කාරණාව රටේ අගමැතිනිය  ගේ සම ලිංගික රුචි මනෝභාවය පිළිබඳ ඇති වී තිබෙන සංවාදය ය. ඒ අනුව ඇයගේ පුද්ගලික රුචිය මේ ප්‍රතිසංස්කරණ විෂයෙහි බලපා තිබේද යන සංවාදය දැන් රට තුළ නිර්මාණය වී ඇත්තේය.

හුදු තාක්ෂණික දෝෂයක් නොවේ…

මේ තත්ත්වය තුළ ඉංග්‍රීසි පෙළ පොතේ අන්තර්ගත වූ Buddy.net     සිදුවීම, හුදු තාක්ෂණික දෝෂයකින් ඔබ්බට ගිය, රටේ අධ්‍යාපන පද්ධතියේ සහ රජයේ වගවීම පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු  කර ඇත.  පෙළපොත යනු දරුවෙකුට ඇති විශ්වාසවන්තම මූලාශ්‍රයය. එම විශ්වාසය පළුදු වූ විට සමස්ත අධ්‍යාපන පද්ධතියම ප්‍රශ්නයට ලක් වෙමින් තිබේ.  අනෙක් අතින්  රටේ අධ්‍යාපන ප්‍රමිතියේ (Quality Assurance) බිඳ වැටීමක ගැඹුරු වේදනාවක් ඉපදෙමින් ඇති අයුරු දකිමු.

දැන් මේ පෙරළාගත් කුණ්ඩහට්ටියේ නාවර සෝදා පිරිසිදු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකට යළිත් බරපතල වෙහෙසක් දැරීමට සිදුවනු දැකීම වේදනාවකි.  මේ මනුස්සයා තනි අතින් ඇදගෙන යන්නට හදන ආණ්ඩුවට මුන් ඇන ගසා හාන්නේය. තේරුම් ගත යුතු කාරණාව වන්නේ  ඕනෑම රජයක් කෙරෙහි මහජනතාව තබන උපරිම විශ්වාසය නිරූපණය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බවය.   මේ කුඩු කර දමා ඇත්තේ ඒ විශ්වාසය ය.

දැන් මේ සම්බන්ධව ඇති පරිපාලනමය සහ දේශපාලන වගකීම කුමක් ද?. අගමැතිනියගේ මැදිහත්වීමෙන් සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන මොහොතක මේ සිදුවී ඇත්තේ අතපසුවීමක් ද?.  නාලක කළුවැව අධ්‍යාපන ලේකම්වරයාට අනුව මේ සිදුව ඇත්තේ කුමන්ත්‍රණයකි. කුමන්ත්‍රණය ගැන හොයන්නට  ඔහු සීඅයිඩී ගොස් පැමිණිලි කර තිබේ. නමුත් ඉන් පෙර මේ සිද්ධියට ඍජුව වගකිව යුතු පුද්ගලයා ඉන්ටර්ඩික් කර විමර්ශනයක් කිරීම ඔහු විසින් කළ යුතුව තිබිණි. එය සිදුකර නැත.

අධ්‍යාපන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ සියල්ල අගමැතිණියට අවශ්‍ය ලෙස සිදුවෙමින් පැවතුන බවය.  එමෙන්ම මේ ගැටලුවට ඍජුව වගකිවයුතු නිලධාරියා බරපතල විගණන ගැටලු ගණනාවකට මුහුණ දෙමින් තනතුරේ ස්ථිර නොකර සිටි වැඩබැරිදාස කෙනෙක් බවත් ඔහුව  කවුන්සියලට යොමු කර තනතුර ස්ථිරකර දී අදාල වගකීම භාර දෙන්නේ මේ ආණ්ඩුවෙන් බවත් ඔහුගේ දියණිය ජාතික ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ”සහෝදරියක” බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේය. ගුරු සංගම් ද මේ මොඩියුල හැදූ පිරිස සතු සුදුසුකම් පිළිබඳ මේ වනවිට බරපතල ප්‍රශ්න මතු කර ඇත්තේය. උපලනේ සුමංගල හිමියන් මේ වනවිට පවසා ඇත්තේ අගමැතිනියට එරෙහිව නඩු මගට බසින බවය.

ආණ්ඩුවේ  නිශ්ශබ්දතාවය

මේ තරම් අලකලංචියක් සිදුවීමෙන් පසුවත්  ආණ්ඩුව කතා නැත.   රජය විසින් මේ දක්වා නිශ්චිත සහ විනිවිද පෙනෙන පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකිරීම හිරු දෙරණ ඇතුළු නාලිකාවලට මෙන්ම විපක්ෂයට ද ආණ්ඩුවට කෙළවීම සඳහා කදිම පිටියක් සකස් කර දී තිබේ.  අවසානය මේ ආණ්ඩුව සංස්කෘතික විකෘතියක් බවට වූ  අදහසක් ජනතාව තුළ පැල කිරීමට අවස්ථාව ආණ්ඩුව විසින්ම නිර්මාණය කර දී  නිහඬව ඒ දෙස බලාගෙන සිටින අයුරු දකිමු.

මේ කරගෙන යන්නේ මේ රජය  තමන් විසින්ම දියත් කර පවත්වාගෙන යන අධ්‍යාපන  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නොවන බව සැබෑය. එය වසර ගණනාවක සිට රජයන් කීපයක් යටතේ ක්‍රියාත්මකවන වැඩපිළිවෙළක දිගුවකි.  මේ රජය බලයට පැමිණීමට පෙරත් මේ ක්‍රමය තුළ මොඩියුල නිර්මාණය විය.   එහෙත් මේ ඉංග්‍රීසි  මොඩියුලය නිර්මාණය වන්නේ මේ රජය බලයට පත්වීමෙන් පසු මේ රජය යටතේ සිදුවූ ක්‍රියාවලියක් ලෙසය. එබැවින් වගකීම මේ පිරිස සතුය.

කපා ගත් වලේ බැස යළි යළිත්  මඩ නාන්නට නොගොස්  විධිමත් ස්වාධීන පරීක්ෂණයක් මගින් වගකිවයුත්තන්ට දඬුවම් දීම පමණක් දැන් ආණ්ඩුවට ඉතිරි වී තිබේ. පෙළපොත් සම්පාදන ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විද්වත් මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය දැන් අවශ්‍යය. දැවැන්ත විද්වතුන් සේ පෙනෙමින් සිටින  NPP කාඩරයින්ගේ  ප්‍රමාණය සමාජය ඉදිරියේ හෙළිදරවු කර විලි ලජ්ජාවට පත්නොවීමේ වගකීම ආණ්ඩුව සතුව ඇත.

එමෙන්ම හැම ලබ්බම තම කාඩරයින් ලවා කරගවා ගත හැකි බවටවන අදහසින් දැන්වත් ආණ්ඩුව ඉවත් විය යුතුව තිබේ.   එසේ නොවී කෙළවා ගන්නේ ආණ්ඩුව පමණක්  නම් අපට ප්‍රශ්නයක් නැත. ආණ්ඩු කෙලවා ගැනීම ආණ්ඩුවල වැඩකි.  එහෙත් ඔවුන් කෙලවන්නේ අප ඇතුළු මේ රටේ සුවසක් දෙනා දුටු අනාගත සුබ සිහිනයට නම් එයට අත තැබිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මධුරෝ පැහැර ගැනීම – ඇමරිකාව ලෝකයේ මළගම සැලසුම් කරමින් ද?

Next Post

සිර මැදිරියේ සිටි සැකකරුට පලායාමට ඉඩ දුන් කතරගම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම්!

Related Posts

සමාජ

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.