සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතින් තොර දේශයක ගමන පටන් ගත යුත්තේ  “ කාල“ නැති කිරීමෙන් !

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ...

by editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලොක් ඩවුන් කාලේ කසිප්පු ප්‍රවර්ධනය කළේ මද්‍යසාර කර්මාන්තේ ඉන්න අයමයි.

  • මට ඕන සෞඛ්‍ය හේතු නිසා මත්පැන් තහනම් කළ පළමු රට ලංකාව කරන්න

  • හොර මත් පැන් අතටම අල්ලගන්න ෆෝන් ඇප් එකක්

ශ්‍රි ලංකාවේ මත්පැන් භාවිතයේ පවතින සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑමේ තරම ගැන අවබෝධයක් පවතිනවා නම් කොන්ද පණ ඇතිව ගත යුතු පළමු පියවර විය යුත්තේ අරක්කු කාලේ බෝතලය වහාම තහනම් කිරීම බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ   පවසයි. දැනට ශ්‍රි ලංකාවේ වාර්ෂික ව විකිණෙන නීත්‍යනුකුල මද්‍යසාරවලින් සියයට 50කට වඩා වග කියන්නේ මිලි ලීටර 180 කාලේ අරක්කු බෝතලය බවත් එයින් ඇති කරන සෞඛ්‍යමය හා සමාජ බලපෑම මෙම තහනම තුළින් සියයට පනහකට ආසන්න ප්‍රතිශතයකින් අඩු කර ගත හැකි බවත් සභාපතිවරයා පැවසූයේ පසුගියදා ලංකාසර සමඟ කළ සාකච්ඡාවකදීය.  මෙහි පළවන්නේ ඔහු එහිදී දැක්වූ අදහස්වල සංක්ෂිප්තයකි.

ආචාර්ය සමාධි රාජපක්ෂ

 ප්‍රශ්නය- පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔබ සඳහන් කළා දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳව පනත සංශෝධනය කිරීමක් ගැන. අපි එතනින් මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ගනිමු.

 පිළිතුර – අපේ රටේ මද්‍යසාර සහ දුම්කොළ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ 2006 දී තිබුණු පනතමයි.  මේක සංශෝධන කරන්න ඕන වර්තමාන තත්ත්වයට අනුකූලව. එදාට වඩා අද තත්ත්වය වෙනස්.වසර 15ත් තිස්සේ සමාජය තුළ විවිධ විපර්යාස වුණා. වෙන පනතක් වගේ නෙවෙයි. කෙලින්ම මේක මහජනතාවගේ සෞඛ්‍යයට කෙළින්ම බලපාන කරුණු දෙකක් මද්‍යසාර සහ දුම්කොළ. නොපමාව සංශෝධනය විය යුතු තැන් සංශෝධනය වෙන්න ඕන. විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදු  කර තිබෙනවා. මේ වනවිට මද්‍යසාර කියන එක පිළිකා කාරකයක් කියල සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබෙනවා. අද දිනකට මත්පැන් කර්මාන්තයට දිනකට 55 දෙනෙකුත් දුම්කොල කර්මාන්තයට 60 දෙනකුත් අහිමි වෙනවා. මේ අහිමි වන පිරිස ඔවුන් වෙළෙඳාමට එකතු කර ගන්නේ පාසල් යන වයසේ තරුණ දූදරුවන්ගෙන්.  ඔවුන් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන ආසන්නයේ මේවා ප්‍රවර්ධනය කරනවා අලෙවි කරනවා.  මේ නිසා අඩුම ගානේ මීටර 500ක් පාසල අවට තහනම් කරන්න ඕන.

ඒ වගේම සියලුම පොදු ස්ථාන සිගරට්වලින් තහනම් කරන්න. දැනට ක්‍රියාත්මක පනත අනුව තහනම් වෙන්නේ සංවෘත පොදු ස්ථාන විතරයි. අපි මේ දේවල් ඉදිරි සංශෝධනවලට ඇතුළත් කරනවා. එහි මූලික අරමුණ මේ මද්‍යසාර සහ දුම්කොළ පාවිච්චිය අඩාල කිරීමට කාලානුරූපීව ගත යුතු පියවර ගැනීමයි.

ප්‍රශ්නය – දුම්වැටි මත්වතුර සම්පූර්ණයෙන් නැවැත්වීමට පුළුවන් කියන කතාව මායාවක් නේද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 පිළිතුර – දැනට ලෝකයේ රටවල් 14ක් තියනවා දුම්කොළ තහනම්. අපි දුම්කොල තහනම් වුණා කියමු. මද්‍යසාර තහනම් කළ රටවල් තියෙනවා. ඔවුන්  සෞඛ්‍යමය හේතු කියල තහනම් කරල නෑ. නමුත් සෞඛ්‍යමය  වෙන්න පුළුවන්. ආගමික වෙන්න පුළුවන්.  උදාහරණයකට ඉස්ලාම් රටවල්වල  මද්‍යසාර නෑ. ඒ වගේ සෞඛ්‍ය හේතු නිසා මත්පැන් තහනම් කළ ලෝකයේ පළමු රට ශ්‍රි ලංකාව වෙන්න ඕන. ඒක කරන්න පුළුවන්. ඒක මායාවක් නෙවෙයි.

ප්‍රශ්නය – ඔබ ඔය කතා කරන්නේ නීත්‍යනකූල මත්පැන් ගැන නමුත් අපි පසුගිය කොවිඩ් සංචරණ සීමා පැනවූ කාලයේ දුටුවා මෙම නීත්‍යනුකූල මත් පැන් වෙනුවට කිසිදු ප්‍රමිතියක් නැති නිති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය වේගයෙන් සමාජය තුළ ව්‍යාප්ත වෙනවා. නීත්‍යනුකූල ඒවා පානයෙන් වෙන්නේ මේ දේවල් තවත් ප්‍රවර්ධනයක් නෙවෙයිද?

පිළිතුර – මෙහෙමයි. නීති විරෝධී මත්පැන් පාලනය කිරීම සඳහා අපේ රටේ හොඳටම ප්‍රමාණවත් ලෙසින්  නීති රීති තිබෙනවා. ප්‍රධාන වශයෙන් සුරා බදු දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම පොලිසිය,  ආහාර සහ ඖෂධ පාලක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකියි.

නමුත් අද පවතින ප්‍රශ්නේ නීතිගත යයි කියන මද්‍යසාර සහ දුම්කොල භාවිතයත් පාලනය කිරීමට අපට කටයුතු කිරීමට සිදුව තිබීමයි . ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට ඇති කරන බලපෑම. මේ මත්පැන් නීතිගත කිරීම තමයි මානව සංහතකියේ සිදුවුණු ලොකුම වැරැද්ද කියල මම විශ්වාස කරන්නේ.  මද්‍යසාර නීතිගත එකක්. මානව සංහතියේ වෙච්ච ලොකුම වැරැද්ද. අනීතික වැරැද්දක පාලනය කරන්න අපේ බලයලත් නිලධාරීන් ඉන්නවා.

කොහොම වුණත් නීති විරෝධී මත්පැන් පාලනය කිරීමේ  ප්‍රශ්නය පවතින නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ සඳහා අලුතින් නීති රීති හදන්න දෙයක් නෑ. තිබෙන නීති රීති හරිහැටි ක්‍රියාත්මක කරවීමේ පසුබිමකුයි හදන්න ඕන.  මේවා ජාවාරම්.. මේ ජාවාරම පසුපස අනිවාර්යයෙන්ම දේශපාලනය තිබෙනවා. අනිවාර්යයෙන්ම බහුජාතික සමාගම් ඉන්නවා.

මෙහිදී තව දෙයක් කියන්න ඕන. ඔබ කිව්ව වගේ කොවිඩ් වසංගතය කාලේ තැබෑරුම් වහල තිබුණු කාලේ මිනිස්සුන්ට ඒවා ගන්න තැනක් නැති වුණා.අලෙවිය බිඳ වැටුණා. මේක මේ කර්මාන්තකරුවට මරු පහරක්. මේ නිසා මේ කර්මාන්තකරුවම තමයි මේ දේවල් ප්‍රවර්ධනය කළේ සමාජ මාධ්‍ය හරහා.   කර්මාන්තකරුවම තමයි කසිප්පු සහ පෙරා ගන්න දේවල් සියලු දේ කරන්නේ.

ඔවුන් කොන්දක් නැති පිරිමිකමක් නැති රටට ආදරේ නැති මිනිස්සු . ඒ අය චැනල් හදාගෙන සමාජ මාධ්‍ය හරහා මේවා ප්‍රවර්ධනය කළා.

අපි මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කර තිබෙනවා.  දැනුම් දිය යුතු සියලු ස්ථානවලට දැනුම් දී තිබෙනවා.  නිති විරෝධී මත්පැන්වලට එරෙහිව නීති සහ ආයතනික රාමුවක් තිබුණත් අපි මේ වනවිට ජංගම දුරකථන ඇප් එකක් හදාගෙන යනවා මේ දේවල්ද පාලනය කිරීමට පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ මේ චෝදනා කරන කර්මාන්තකරුවන් කියන්නේ දැනට මත්පැන් කර්මාන්තයේ ඉන්න අයද?

 පිළිතුර – ඔව්. මත්පැන් දුම්වැටි කර්මාන්තයේ ඉන්න අය. දැන් බලන්න අපේ රටේ වගේම ලෝකයේ නීති විරෝධී දුම්වැටි ජාවාරම් පසුපස ඉන්නේ නීත්‍යනුකූල දුම්වැටි සමාගම් මයි. නමුත් ලංකාවට දුම්වැටි සමාගම් තිබෙන්නේ එකයි. එහෙත් මත්පැන් නීත්‍යනුකුලව ව්‍යාපාර කරන කර්මාන්ත විසි ගණනක් තිබෙනවා. ඔවුන්ගෙන් කවුරුන් මේ සඳහා වක්‍රව දායක වනවාද කියන එක අපි දන්නේ නෑ.

ප්‍රශ්නය – මේ නීති විරෝධී මත්පැන් ප්‍රවර්ධනය මද්‍යසාර කර්මාන්තයෙ අය  ඉන්න බවට සාධක ඔබ සතුව තිබෙනවද?

පිළිතුර – අපි ළග එහෙ ම සාක්ෂි නැතත් බැල බැල්මට කියන්න පුළුවන්. මේ කර්මාන්තය තුළ ඉතා බලවත් අය ඉන්නවා. ඔවුන් සූක්ෂම ලෙස තම බලය පාවිච්චි කරමින් මේවා කරන බව අපට බැලූ බැල්මට පේනවා.

ප්‍රශ්නය – නීති විරෝධී මත්පැන් භාවිත වළක්වන  ජංගම දුරකථන යෙදුම (ඇප් එක) ගැන පැහැදිළි කළොත්?

පිළිතුර – හැමෝටම මේ ඇප් එක  සමාර්ට් ෆෝන් එකට බාගත කරන්න පුළුවන් ඇප් එකක්. එය මේ වනවිට සැකසීමේ අවසන් අදියරේ තිබෙන්නේ. ඉන් පසුව එය ජනගත කරනවා.  රෙම් ඇප් එකෙට රටේ ඕනෑම තැනක සිට නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවනවා නම් ඒ පිළිබඳව ඡායාරූප ඇතුළු වෙනත් සාක්ෂි දාන්න පුළුවන්. ඒ අනුව ඉතා ඉක්මනින් ම මේ අය නීතියේ රැහැනට හසු කරදීමේ හැකියාව තිබෙනවා. මෙම ඇප් එක හරහා වාර්තා වන සෑම කරුණක් සම්බන්ධයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්නත් අපට පුළුවන්. මෙම ඇප් එක මඟින් අපට බොහෝ දුරට මෙම ව්‍යාපාරය අඩපණ කරන්න පුළුවන් වේ යයි අපි විශ්වාස කරනවා.

 ප්‍රශ්නය -නීත්‍යනුකූල මත්පැන් සම්බන්ධයෙන් යම් නියාමනයක් ඇති කිරීම වෙනුවට ඒවා සම්පූර්ණයෙන් තහනම් කිරීමෙන් රටේ ආර්ථිකයට යම් බලපෑමක් විය හැකියි නේද? අපි පසුගිය දවස්වල මේ තත්ත්වය ගැන බලධාරීන් කියපු කරපු දේ දුටුවා.?

පිළිතුර – ඔය කතාවට මම එකඟ නෑ. හේතුව මෙයින් ලැබෙන ආදායම රටේ සමස්ත ආදායම ගත්තම සොච්චමයි. සමස්ත ආදායමෙන් සුරාබදුවලින් ලැබෙන්නේ සියයට 6යි.  සිගරට් බදුවලින් ලැබෙන්නේ  සමස්ත ආදායමෙන් සියයට 5ක්. එකතුව සියයට 11යි. ඉතිරි සියයට 89ම මේ රටේ කාන්තාවෝ රට ගිහින් දුක් විඳල,අපේ  තේ පොල් රබර්, නිමි ඇඳුම් ආදිය අපනයනය කරල උපයන සල්ලි.ඊට වඩා ප්‍රමාණයක් අපට මේ මත්පැන් භාවිතයේ ආදිනව නිසා වැය වෙනවා.

නමුත් ඔබ කියන කතාවේ යම් සත්‍යයක් තිබෙනවා. අපි මේ මත්පැන් දුරලීමේ සටන පටන් ගත යුත්තේ අරක්කු කාලේ බොතලෙන්. මේ බෝතලය අලෙවිය තහනම් කළ යුතුයි. මම ඒක කියනවා මේක කොන්ද පණ ඇතිව ගත යුතු තීරණයක්. සාමාන්‍යයෙන් අවුරුද්දකට  විසි කෝටියකට වැඩිය අරක්කු විකිණෙනවා. එයින් දස කෝටියට පනස් පන් ලක්ෂයක් ම  කාලේ බෝතල් . එය ප්‍රතිශතයක් ලෙස සියයට 53කට වැඩියි. මෙයින් සෞඛ්‍ය අතින් වගේම ආර්ථික අතින් වැඩිම හානිය වෙන්නේ දුප්පතාට. ඔවුන්ගේ බඩට තමයි හොඳටම වදින්නේ මේකෙන්. මද්‍යසාර සහ සිගරට් එකෙන් මිදුණොත් ඒ මිනිස්සු දුප්පත් කියන්න බෑ.මේ කොටස තුළ වැඩිපුරම ඉන්නේ  දිනපතා කීයක් හරි උපය ගන්න  අය. මද්‍යසර තහනම සම්බන්ධයෙන් රටේ  අවංක ප්‍රතිචාරය පිළිබඳව  හොඳ මිනුම් දණ්ඩක් වේවි මෙම තහනම ක්‍රියාත්මක වුණොත් මේ අඩුවෙන සියයට පනහෙන් රටට  ශත පහක්වත් පාඩු වෙන්නේ නෑ. මම වගකීමෙන් කියනවා අරක්කු බීමෙන් සිදුවෙන  සෘජු සහ වක්‍ර වියදම ඊට වැඩියි.  අරක්කු නිසා පැයකට රුපියල් කෝටි 2ක් පාඩුයි. 2015 දවසකට කෝටි 48ක් පාඩුයි. සෘජු ව කෝටි 21යි  වක්‍රව  27යි.මේ සංඛ්‍යා ලේඛන  2015 දි මේක අද ඊටත් වැඩියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවත් වෙන්න බෙහෙත් පෙත්තක් යදිමින් රෝහල් සායනවල හඬා වැටෙන මරණයේ එළිපත්ත මත සිටින මිනිස්සු…

Next Post

බැසිල් අද මෝදි හමුවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.