සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත් කුඩු කිලෝ 300ක් සහ ගිනි අවි 02ක් සමග අත් අඩංගුවට ගත් යාත්‍රාව තංගල්ල වරායට!

මේ වසර තුළ මේ දක්වා නාවික හමුදාවෙන් පමණක් අයිස් සහ හෙරොයින් ටොන් තුන හමාරක් අත් අඩංගුවට අරන්...

by editor
නොවැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 මත් කුඩු කිලෝ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක්  සහිව දකුණු දිග ඈත මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී නාවික හමුදාව විසින් අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබේ.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයා ගෙන ඇත.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වී ඇති අතර, එහි හෙරොයින් කිලෝ 100ක්, අයිස් කිලෝ 200ක් පැවති බවත්, රිවෝල්වරයක්, නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පැවසුවේය.

අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා තංගල්ල ධීවර වරායේ දී මෙසේ ද පැවසුවේය.

“දකුණු ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කළා ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුව. ජාත්‍යාන්තරයේ සංවිධාන සහ අනෙකුත් රටවල් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කරගෙන නාවික හමුදාව විසින් විශේෂ ක්‍රියාන්විතයක් ලෙස මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව අත් අඩංගුවට ගත්තා සැකකරුවන් හය දෙනෙක් සමග .”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“මේ කරගෙන යන විමර්ශනවලින් දැනට සනාථ වෙලා තියනවා අයිස් කිලෝ ග්‍රෑම් 200ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක් පමණ. එහි වටිනාකම දළ වශයෙන් කෝටි 400ක් පමණ කියලා.”

“ඊට අමතරව රිවෝල්වර එකක් සහ නවීන පන්නයේ පිස්තෝලයක් සහ මැගසින් දෙකක් රට තුළට ඇතුළු කරන්නට ජාවාරම්කරුවන් උත්සාහ කළ වෙලාවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග මේ අත් අඩංගුවට ගත්තේ.”

“මේ සංවිධානාත්මක අපරාධ කියලා සඳහන් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, අනෙක් අපරාධ සියල්ලක් එකට බද්ධ වෙච්චි ක්‍රියාවයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා වත්මන් රජය මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම සම්බන්ධව කටයුතු කරන සියලුම ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්න දීලා තියනවා. ඒ නිසා තමයි මේ මෙහෙයුම් සාර්ථකව කරන්නේ.”

“මේ වර්ෂය ඇතුළ නාවික හමුදාවෙන් පමණක් හොරොයින් කිලෝ ග්‍රෑම් 898ක් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5810ක්,  අයිස් කිලෝ ග්‍රෑම් 2480ක් හෂීස් කිලෝ ග්‍රෑම් 33ක්,  විස මත් පෙති ලක්ෂ අටක් අත් අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පැවසුවේය.”

Share69Tweet43
Previous Post

ජිවිතය ගැන වටිනාකමක් නැති කුඩුකාරයින් පරාජය කරන්න වෘත්තීය හමුදාවකට පොලිසියකට පුලුවන්… අපි එය නිසැකව කරනවා… ජනපති සපථ වෙයි!

Next Post

දකුණු මුහුදෙන් ඇල්ලූ කුඩු තොගය හිමිකරු බවට සැක පිට සඳලංකාව සජබ සංවිධායක අත් අඩංගුවට….

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.