සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිවිතය ගැන වටිනාකමක් නැති කුඩුකාරයින් පරාජය කරන්න වෘත්තීය හමුදාවකට පොලිසියකට පුලුවන්… අපි එය නිසැකව කරනවා… ජනපති සපථ වෙයි!

by editor
නොවැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මත්ද්‍රව්‍යයට එරෙහි රජ්‍ය යාන්ත්‍රණය හරහා ඍජුව එන ගැටලු  ඔබ සමග එක්ව විසඳා ගන්න… මත්ද්‍රව්‍ය ජාවාරමුන් රකින්න එන දේශපාලන පෙරමුණු දේශපාලනයෙන් පරාජය කිරීමේ වගකීම අපි භාරගන්නම්…   

මත්ද්‍රව්‍ය සහ පාතාලය පරාජය කිරීම සඳහා ආරම්භ කර ඇති මෙහෙයුමේ පෙනෙන හස්ථයක් සේම නොපෙනෙන හස්ථයකුත් ඇති බවත්, නොපෙනෙන හස්ථයේ ක්‍රියාන්විතය රජයේ මේ අරමුණ බොඳ කර වෙනත් දිසාවකට යොමු කිරීම සඳහා මුදල් යෙදවීම් ඔස්සේ සිදුවන විවිධ මහජන උද්ඝෝෂණ, පෙළපාළි,  දක්වා සංකීර්ණ විය හැකි  බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක පැවසුවේය.

ඔහු පැවසුවේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි සටන ඍජු අපරාධකාරයා සහ අපරාධයට එරෙහිවන්නා අතර සටනක් නොව  ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණ හා මෙවලම් ඇති බව කී ජනාධිපතිවරයා මේ සටනට එරෙහිව නැගෙන දේශපාල බලවේග දේශපාලනික වශයෙන් පරාජය කිරීමේ වගකීම පක්ෂ නායකයෙක් ලෙස තමන් භාර ගන්නා බවය.

“ අපි මේ සටනට එරෙහිව නැගිටන විනාසකාරී පෙරමුණ අ  දේශපාලනයෙන් පරාජය කරන්නම්. ඒක අපේ දේශපාලන වැඩේ. ඒකට කිසිම නිලධාරියෙක් එක් විය යුතු නෑ. ඒක අපි භාරගන්නම්.”

“මම ජනාධිපතිවරයා වගේම පක්ෂ නායකයෙක්. මම ජනාධිපතිවරයා ලෙස ඔබත් සමග මේ වැඩේ කරන්නම්. පක්ෂ නායකයා ලෙස ඒ වැඩේ එතනදි දේශපාලනිකව කරන්නම්.    මෙහෙම ජාතික මෙහෙයුමක් යනකොට සිදුවන දේශපාලන පෙළගැස්වීම් හරහා මේ ව්‍යසනයේ ආරක්ෂකයින් වෙන්න නම් අපි කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.”

RelatedPosts

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ  දකුණු පළාත්  වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ  පැවසීය,

“පළමු කොටම අප දන්නවා මේ සන්නද්ධ   අපරාධකරුවන් කුඩු හා බැඳුන පාතාල නායකයින් ගොඩනැගුනේ දේශපාලන නායකයින්ගේ රැකවරණය යටතේ. ජුලම්පිටියේ හිටපු නිකම්  තරුණයෙකුට මහා බලයක් දී අපරාධකරුවෙක් කළේ කවුද?. ප්‍රදේශයේ දේපාලකයා. “

“දේශපාලකයා සතුව තිබෙන බලය සූරියවැවේ කෙනෙකුට ආරෝපණය කරනවා. ජුලම්පිටියේ කෙනෙකුට ආරෝපණය කරනවා. ඒ ගොල්ලන්ගේ රැකවරනය සහිතව තමයි මේ සන්නද්ධ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුන අපරාධකරුවන්ගේ මූලික පුරුක්  මේ තරම් තැනකට වර්ධනය වුනේ. එහෙම වුනේ  දේශපාලනය බලය සහ රැකවරණය මත. ඒක දන්න සත්‍යයක්.”

“ කාලයක් දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළා පාතාල නායකයින්. කාලයක් ජනාධිපති ආරක්ෂ අංශ නියෝජනය කළා පාතාල නායකයින්. තව කාලයක් කුමාරවරුන්ගේ ආරක්ෂාවට හිටියා පාතාල නායකයින්. “

“මම ඔබට එකක් කියන්නම්. අපේ නායක හාමුදුරුවන් වහන්සේලාට අපේ පුජක තුමන්ලාට මම ඉතාමත්ම සහතික කර තිබෙනවා කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් දැන් පිහිටුවා තිබෙනවා.”

“කිසිදු අපරාධකරුවෙකුට කිසිදු මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුන පුද්ගලයෙකුට දේශපාලන රැකවරණය ලැබෙන්නේ නෑ.”

“අපිට මහජනයා විසින් වරමක් ලබා දී තිබෙනවා. ඒ වරමින් මහජනයාගේ අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා. නායකයින් හැටියට අපේ වගකීම ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාරොත්තු වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා තමයි අපි මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ඉවත් වෙනු කියලා මහා ජාතික ව්‍යාපාරය ගොඩනැගුවේ. “

“වෙන වෙන අය වෙන වෙන කලබල කරලා අපේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න කටයුතු කරනවා. ඇත්ත ප්‍රශ්නය යට ගහලා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්නවලට සමාජය ගේන්න උත්සාහ කරනවා. ඇත්ත ප්‍රශ්න වෙනුවට ඔවුන් විසින් කෘත්‍රිම ප්‍රශ්න නිර්මාණය කරලා කරන්න හදන්නේ ඇත්ත ප්‍රශ්නය යට ගහලා කෘත්‍රිම ප්‍රශ්නයට සමාජය කැඳවන්න උත්සාහ කරනවා.”

“සමාජය ඉලක්ක සහගතව වැඩ කරලා මහ ජනතාව පූජක තුමන්ලා  ඉලක්ක සහගත එක මෙහෙයුමකට යනකොට වෙන වෙන දිසාවට සමාජය යොමු කරන්න උත්සාහයක් තියනවා. අපි ඒ බොරු වළවල්වල වැටෙන්නෙ නෑ. අපි ඉතාම අධිෂ්ඨානයකින් යුතුව මේ මෙහෙයුම දියත් කරනවා. මේ මෙහෙයුමෙන් අනිවාර්යයෙන් අපි ජයග්‍රහණය කරනවා. මේ ජාතිය බේරා ගන්නවා. “

ජනාධිපතිවරයා සහතික වුනේය.

ජනාධිපතිවරයා සිය කථාවේදී  ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශවලින් මෙසේ ඉල්ලීමක් කළේය.

“මම දන්නවා අපේ නිලධාරී මහත්වරු ඉතා විශාල වෙහෙසක් දරනවා. නාවික හමුදාව, පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, අපේ බුද්ධි සේවාවන් විශාල වෙහෙසක් දරනවා මේ කාර්යය වෙනුවෙන්. මම ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ කාර්යය වෙනුවෙන්.“

“ඔබට ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තරුවේ පටියේ ගෞරවය ඔබගේ තනතුරේ ගෞරවය කිසිසේත්ම කොහෙවත් ඉන්න එක එක අපරාධකරුවන් ඉදිරියේ බොඳ වෙන්න හෝ දියවෙන්න ඉඩ දෙන්න එපා. ඔබ ගන්න තීරණ ක්‍රියාත්මක වෙන්නන. ඕනෑම අවස්ථාවක දී ඔබව ආරක්ෂා කරනවා. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. “

“වැඩේ කරන්න පටන් ගන්න… අපි පෙනී සිටිනවා. “

අපි දන්නවා දුෂ්කර ඉතාමත් බැරෑරුම් කාර්යයකට මුහුණ දෙන බව දන්නවා. නමුත් ඔබ ඒ කාර්යය නිර්භීතව ඉෂ්ටකරයි කියන විශ්වාසය අපට තියනවා.  මා දන්නා විදිහට ඊයේ රාත්‍රියේත් මත්කුඩු සහිත  බෝට්ටුවක් අත් අඩංගුවට අරන් තියනවා. ඔවුන් අද රාත්‍රියේ ගොඩබිමට ලඟා වේවි. නාවික හමුදාව රට පුරා මුහුදු තීරයේ සීමාවන් ආරක්ෂා කරගනිමින් මේ මෙහෙයුමට ඉතාම දැඩි සහයක් ලබා දෙනවා. අපේ බුද්ධි අංශය ඒකට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. අපේ යුද හමුදාව ගුවන් හමුදාව මෙහෙයුම් දායකත්වය සලසනවා. මේ ව්‍යසනය පරාද කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය, දෙක ඒ සඳහා අවශ්‍යවන රාජ්‍ය යාන්ත්‍රණය නිලධරයින් නිසි පරිද මෙහෙයවනවා කියලා මා විශ්වාස කරනවා.”

“කවර හෝ කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ වගකීමට තනතුරට  ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න අසමත් නම් අත උස්සලා කියන්න… අපි ඉල්ලන්නෙ  ඔබට පැවරී තිබෙනවා කාර්යයක්. එම කාර්යය කරන්න මැදිහත් වෙන්න… ඒ ඉල්ලීම තමයි අපට තියෙන්නෙ. “  ජනාධිපතිවරයා පැවසුවේය.

සිය කථාවේදි ජනාධිපතිවරයා පැවසුවේ මෙම මෙහෙයුමේ ඉලක්ක බොඳ කිරීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ල්වල මුදල් සහිතව තවත් අප්‍රකට යාන්ත්‍රණයක් දියත් වී ඇති බවය.  ඒ සම්බන්ධව ඔහු මෙවැනි හෙළිදරව්වක් කළේය.

“කුඩු කිලෝ 300ක් කියන්නේ කෝටි 650ක්. හිතන්න 1000, 1500 හම්බවෙනකොට…. සමහර මාසවල  මහා භාණ්ඩාගාරවලටත් ඒ ගනන් එන්නේ නෑ.  එහෙම ධනයක් තියනවා ඔවුන් ගාව. ඒ ධනය තමයි නිදහස් කරන්නේ. මේ මෙහෙයුම අඩාල කරන්නේ මේ මෙහෙයුමේ නිරතවන නිලධාරියා ඉලක්ක කරගෙන විතරක් නෙමෙයි. පැති ගණනාවකින් විවිධාකාරයෙන් මේ වැඩේ කරනවා.”

“මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න, විවිධ මහජන උද්ඝෝෂණ ඇති කරවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග උග්‍ර කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න… එහෙම තමයි මේ ජාතික මෙහෙයුමට එරෙහිව ඒ පැත්තේ ක්‍රියාන්විතය යන්නේ. “

ජනාධිපතිවරයා මේ මත්ද්‍රව්‍යවලට එරෙහි පෙළගැස්මට නැගෙන ප්‍රතිරෝධයේ ස්වරූප ගැන   මෙසේ පැවසුවේය.

“ අපි කුඩු ගේන එක වළක්වනවා. ඒ ගොල්ල හැංගිලා ගේනවා.  අපි ගේන එක වළක්වන්න උත්සාහ කරනවා. වළක්වන කෙනාට එරෙහිව තර්ජනයක් එනවා. ඒක තමයි ඍජුව එන ක්‍රියාකාරිත්වය. එය වළක්වන්න පොලිසිය සහ හමුදාවන් කටයුතු කරනවා. ඔවුන්ගේ නිලධාරීන්ගේ  පවුල් ඉලක්ක කරගෙන එනවා. නිලධාරීන්ව ඉලක්ක කරගෙන එනවා. ඒක තමයි අපිට පෙනෙන හස්ථය.”

“හැබැයි නොපෙනන හස්ථයක් තියනවා. නොපෙනෙන හස්ථය මොකක්ද. රජයේ මේ අරමුණ දිය කරන්න බොඳ කරන්න වෙන දිසාවකට යොමු කරන්න විවිධ කුමන්ත්‍රණ යනවා. මහජන උද්ඝෝෂණ පෙළපාලි මුදල් යෙදවීම් හරහා ඇති කරවන්න පුලුවන්. ඒ නිසා අපි දන්නවා ඒ ව්‍යසනයට එරෙහි සටන ඍජු අපරාධකාරයා සහ අපරාධයට එරෙහිවන්නා අතර සටනක් නොවෙයි. ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණයන් තියනවා. තවත් මෙවලම් තියනවා.

ඒක අපි බලාගන්නම් අපේ දේශපාලන පෙරමුණෙන්.  දේශපාලන පෙරමුණේ දි අපි මේ සටනට එරෙහිව නැගිටන විනාසකාරී පෙරමුණ අපි දේශපාලනයෙන් පරාජය කරන්නම්. ඒක අපේ දේශපාලන වැඩේ. ඒකට කිසිම නිලධාරියෙක් එක් විය යුතු නෑ. ඒක අපි භාරගන්නම්. අපි මේ ව්‍යසනයට එරෙහි අපි ගොඩනගල තියෙන දේශපාලන පෙළගැස්ම අපි දේශපාලනයෙන් පරාජය කරන්නම්.  ඒක අපි භාරගන්නම්.

මම ජනාධිපතිවරයා වගේම පක්ෂ නායකයෙක්. මම ජනාධිපතිවරයා ලෙස ඔබත් සමග මේ වැඩේ කරන්නම්. පක්ෂ නායකයා ලෙස ඒ වැඩේ එතනදි කරන්නම්. මෙහෙම ජාතික මෙහෙයුමක් යනකොට සිදුවන දේශපාලන පෙළගැස්වීම් හරහා මේ ව්‍යසනයේ ආරක්ෂකයින් වෙන්න නම් අපි කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

“මම සම්මාන ගන්න ආපු හැම නිලධාරියෙකුගෙන්ම ඇහුවේ පුලුවන් ද බැරිද කියලා කියන්න… කරනවද නැද්ද කියලා කියන්න.  ඒ බොහෝ නිලධාරීන් මට කිව්වේ කරන්න පුලුවන් කියලා. පුහුණුව ලත් සුදුසුකම් ලත් වෘත්තීයමය යාන්ත්‍රණයක් මේක. අපේ පොලිසිය ගත්තත් හමුදාව ගත්තත් තියෙන්නේ ඒ සඳහා වෘත්තීයම ජීවිතයක්.”

“සල්ලිවලට ජීවිතය ගැන වටිනාකමක් නැතිව, කුඩු ටිකක් ගහලා මත් වෙලා ආයුදයක් අතට ගන්නා විදිහෙ චන්ඩින්ට  වෘත්තීමය හමුදාවක් වෘත්තීයමය පොලිසියක් යටත් කරන්න බෑ. අපි දකිනවා ඒ ගොල්ල. අපි දකිනවා ඒ ජාලය. මොනතරම් දුර්වල ද?. ඒ අයට තියන එකම අවිය ජීවිතය පිළිබද වටිනාකමක් නොමැති වීම. ඔච්චරයි. “

“ඒ අය අද කුඩු ගහලා මැරුණත් කමක් නෑ වගේ. අද ගිනි අවියක් අරන් ගිහින් හෙට අහුවුනත් කමක් නෑ වගේ. ජීවිතයට මරණ දඬුවම ලැබුණත් එකයි. ජීවිතාන්තය දක්වා හිරේ ගියත් එකයි. ඒ වගේ ජීවිතය පිළිබඳ තමන්ගේ වටිනාකම නැති එක විතරයි ඒ ගොල්ලන්ට අපට වඩා ඉස්සරහින් තිබෙන්නෙ.”

“ඒ නිසා අපේ වෘත්තිමය හමුදාවටත්, පොලිසියටත්, අපේ රාජ්‍ය යාන්ත්‍රණයටත්, පුරවැසියන් ලෙස අපේ හාමුරුවන් වහන්සේලා පූජක තුමන්ලා අපි ඔක්කොම එකට මැදිහත් වුනොත් අපට මෙය පරාජය කළ හැකියි..”

“අවසාන වශයෙන් කියන්නේ… අපි මේ ගත්ත තීරණය අත් හරින්නේ නෑ… ආරම්භයට වඩා පළමු දවසට වඩා දෙවැනි දවස වේගවත් කරනවා. දෙවැනි දවසට වඩා තුන් වැනි දවස වේගවත් කරනවා. අඛණ්ඩව මේ ව්‍යසනය පරාජයට පත් කරන තෙක් මෙහෙයුම දියත් කරන්න දේශපාලන අධිකාරියට මා බැඳී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද පාර්ලිමේන්තුව – “බොරු කියන අරුණ” ” දෙරණ හෝදන විපක්ෂය” ” ආණ්ඩුවේ පරස්පරය” මැද තරගයේ වීරයා දිලිත් ජයවීර…

Next Post

මත් කුඩු කිලෝ 300ක් සහ ගිනි අවි 02ක් සමග අත් අඩංගුවට ගත් යාත්‍රාව තංගල්ල වරායට!

Related Posts

chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
chartered-institute-of-media-professionals

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.