අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්තල කැලේ  ඉඩම් කොල්ලය සොයන්න පැමිණි දිස්ත්‍රික් ලේකම් සමග දිසා වන නිලධාරී ගැටෙයි!

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • ප්‍රාදේශීය ලේකම්වරු බලපත්‍ර දීලා… මෙවැනි අල්ලාගත් වන රක්ෂිත ඕන තරම් තියනවා… දිසා වන නිලධාරී කියයි.

  • අල්ල ගන්නකම් නිකම් බලන් නොඉඳ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ ඇයි?. මේ අපරාධ වෙන්නෙ උදාසීන නිලධාරීන් නිසා… දිසාපති පෙන්වා දෙයි.

මත්තල වන සංරක්ෂණ ඉඩම් කොල්ලයක් පිළිබද සොයා බැලිමට ගිය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා දිසා වන නිළධාරී අතර උනුසුම් තත්වයක් ඇති වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආසන්නයේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හිතවත්කම් මත හෙළි පෙහෙළි කර අල්ලා ගැනීමේ ජාවාරමක් පිළිබඳව  මාධ්‍ය සිදුකළ අනාවරණයෙන් පසු ඒ පිළිබදව සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර   ඊයේ  (11) සවස මත්තලට පැමිණියේය.

එහිදී දිසාපතිවරයා හා දිසා වන නිළධාරී වරයා අතර   උණුසුම් තත්වයක්ද ඇතිවීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පහළ මත්තල වැව ආසන්යේ ඇති ඝන කැලෑ ඉඩම් අක්කර 30ක් පමණ මෙලෙස අල්ලා කොටුකරගෙන ඇති අයුරු දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. දිස්ත්‍රිත් ලේකම් වරයා එහි යන අවස්ථාව වන විටත් කැලෑ කපා ගිනි තබා තිබුණු අතර එහි සිදුවන ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කර ගැනීමටද දිස්ත්‍රික් ලේකම් වරයාට හැකිවිය.

මතත්ල වන රක්ෂිතය වනසා තිබූ අයුරු

මෙහිදී දිසා වන නිළධාරීන්ගේ උදාසින ක්‍රියා කලාපය පිළිබදව ද දිස්ත්‍රික් ලේකම් වරයාගේ දැඩි විවේචනයට ලක් වු අතර මෙම ඉඩම් ජාවාරම පිළිබදව වහා සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම් වරයා දිසා වන නිළධාරී රෝහණ අමරතුංගට දැනුම් දුන්නේය.

තත්වය උනුසුම් වූයේ මේ අවස්ථාවේ දී ය. මෙහි දී ලුණුගම්වෙහෙර දිසා වන නිළධාරී රෝහණ අමරතුංග    දිසාපති වරයාට පැවසුවේ වන සංරක්ෂණයට අයත් සමහර ඉඩම් සඳහා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් වරයා විසින් බලපත්‍ර ලබා දිම නිසා ඔවුන්ට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වු බවය.

මෙවැනි ඉඩම් තවත් මේ ප්‍රදේශයේ ඕනෑ තරම් තිබෙන බවත් ඔහු කීවේය.  එහිදී දිස්ත්‍රික් ලේකම් වරයා දිසා වන නිළධාරීට පැවසුවේ එලෙස බළහත්කාරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබඳව තොරතුරු ඇත්නම් ඉඩම් අල්ලාගෙන තිබෙන බව පවසමින් නිහඬව නොසිට නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

කෙසේ වෙතත් මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් වරයා පැවසුවේ දිසා වන නිළධාරීන් හා රාජ්‍ය නිළධාරීගේ උදාසීන ක්‍රියා කලාපය මේ ඉඩම් කොල්ල  සඳහා හේතු වී ඇති බවය.

කැලෑ කපා ඉඩම් අත්පත් කරගෙන ඇති ආකාරය…

දිසා වන නිළධාරී වරයා මෙහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති ප්‍රකාරව කටයුතු කරන බවය.

එහිදී මාධ්‍යවේදීන් දිසා වන නිළධාරීගෙන් විමසුවේ මෙතෙක් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකලේ මන්ද යන්නයි. එහිදී දිසා වන නිළධාරී   පැවසුවේ ඒවාට පසුව පිළිතුරු දෙන බවත් මේ සම්බන්ධයෙන් හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ දේශපාලන හිතවත්කම් මත මෙම ඉඩම් අල්ලා ගැනීම සිදුවෙන බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදීම දිසා වන නිළධාරී   ඇතුළු වන සංරක්ෂණ නිළධාරීන් දැනුම්වත් කළත් කිසිදු ප්‍රයෝජනයක් නොවුණු බවත්ය.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම් වරයා පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන්ද ප්‍රදේශයේ ජනතාව දැඩි ප්‍රසාදය පළකරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවලපිටිය පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ තුට්ටු දෙකේ ගුටි කෙළිය…

Next Post

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරත්වයට ශ්‍රි ලංකාවත් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.