අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගෙන් ගෙයක් ගන්න රන්ජන් හිඟන්නෙක් නෙමෙයි… ගේ දුන්නෙ මගෙ මිත්‍රකමට…

රන්ජන්ට දුන්න නිවස ගැන චන්දිමාල් කියන කතාව...

by editor
ජූලි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෘත්තීයෙන් රූපලාවන්‍ය ශිල්පියෙක් සහ නිරූපණ ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ නිර්මාණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් මොස්තර නිර්මාණ ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ කියන්නෙ කාලෙන් කාලයට ආන්දෝලනාත්මක පුවත් මවන්නෙක් කිව්වොත් හරි. කලාකරුවන් සමඟ නිතරම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔවුන්ගේ වැඩකටයුතු බොහොමයක් සමඟ නිතරම රැඳෙන චන්දිමාල් පිළිබඳ මේ දිනවල තවත් පුවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ දැනට සිරගතව සිටින රන්ජන් රාමනායකට නිවසක් ලබා දීමට සුදානම් වන ප්‍රවෘතියක්.. මෙහි ඇත්ත නැත්ත චන්දිමාල් ජයසිංහ කිව්වේ මේ විදියට…..

රන්ජන් රාමනායක සහ චන්දිමාල් ජයසිංහ අතර තියන සම්බන්ධය මොන වගේද?

රන්ජන් කියන්නෙ මගේ ළගම හිතවතෙක්. අපි එකට කාපු බීපූ අය. මගෙ හැම දේකටම එතුමා ඇවිල්ලා තියනවා සහ දැන් ටික කාලෙක ඉඳන් මගේ හොදම යහළුවෙක්. අපි ප්‍රශ්නයක් කරදරයක් ආවමත් එකට ඉන්නට අවශ්‍යයි. නැත්තම් මේ මිත්‍රකම් වලින් ඇති වැඩක් නැහැනෙ.

මෙහෙම නිවසක් ලබා දීමේ අරමුණ ගැන කිව්වොත්?

ඇත්තටම කිසිම අරමුණක් නැහැ. එතුමාට මේ විසිවෙනිදා එතුමා පදිංචි වෙලා හිටපු කුලී නිවසින් යන්න කියලා නියෝගයක් ලැබිලා තියනවා. එයට හේතුව එතුමාගේ මන්ත්‍රී කම අහෝසි වුණ නිසයි. දැන් රන්ජන්ට යන්න තැනක් නැහැ සහ කවදකම හෝ ජනාධිපති සමාවෙන් දඩුවම් කාලය ඉවර වී පැමිණි දවසක මම මේ නිවස දෙන්න බලාපොරොත්තු වෙනවා. මේවා මට අලුත් දේවල් නෙමෙයි. මේ ගෙදර හිරුණිකා, කැරැලයින් පවා පදිංචි වෙලා හිටපු ගෙදරක්. මේ වගේ වෙලාවකනේ අපි උදව් කරන්නට අවශ්‍ය වෙන්නෙ. කවදා හරි රන්ජන් පාර්ලිමේන්තු ගිහින් මන්ත්‍රිකම ලැබෙනකම් එයා මේ නිවසේ ඉදියි.

රංජන්ට ලැබෙන නිවස පිහිටා තිබෙන ප්‍රදේශය ගැනත් කියමු.

එතුමාට මම දීපු නිවස තියෙන්නෙ ඇඹුල්දෙණියේ. මන්ත්‍රි ක්වාටස් ළඟම තමයි තියෙන්නෙ.

ඔබට නිවාස තුනක් තියනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා අනිත් නිවාස දෙක පිහිටා තිබෙන ප්‍රදේශ දෙකත් මතක් කරමු.

අනිත් නිවාස දෙක තියෙන්නෙ බැද්දෙගාන සහ පිටකෝට්ටේ ප්‍රදේශ වල.

මෙහෙම දෙයක් කිරීමේ එකම අරමුණ මිත්‍ර කමද?

එකම අරමුණ ඔහු මගේ හොදම මිත්‍රයෙකු වීම පමණයි. නැතුව මෙතන කිසිම වෙන දේශපාලන හෝ වෙනත් අරමුණක් නැහැ. ප්‍රශ්න වලදි මිනිස්සු අසරණ වෙන විදිය මම හොඳට දන්නවා. මම එහෙම දෙයක් මේ වෙලාවේ කරන එක රංජන්ටත් ලොකු හයියක්.

චන්දිමාල් ජයසිංහ කුමක් සිදු කළත් එය ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වෙනවා. මේ පුවතත් එහෙම දෙයක් වෙයිද?

එහෙම දෙයක් වෙයිද කියලනම් මම දන්නෙ නැහැ. මම එහෙම හිතලා නෙමෙයි මේ දේ කරන්නෙ. ඊයේ තමයි මම මේක දැක්කෙ ෆේස්බුක් එකෙන්. පස්සේ රන්ජන්ගේ ළගම මන්ත්‍රිවරියක් වන බාගේෂ්වරී ගුණසිංහට කතා කරලා ඇත්ත නැත්ත තහවුරු කර ගත්තා. පස්සේ තමයි මම මේ තීරණය ගත්තේ.

කොහොමත් ඒ ගෙදර කවුරුත් නැහැ. ඩ්‍රයිවර්ලා තමයි දැනට ඉන්නෙ. එයාට ඇවිල්ලා එයාගෙ වැඩකටයුතු ටික නිදහසෙ කරගෙන ආයේ මහමැතිවරණයකින් පාර්ලිමේන්තු යනකම් මේ ගෙදර නිදහසේ ඉන්න පුළුවන්.

මගෙන් ගෙයක් ගන්න  රන්ජන් හිඟන්නෙක් නෙමෙයි. ඒ වුණාට මේ වෙලාවේ අපිට කරන්න පුලුවන් දෙය අපි අනිවාර්යයෙන් කිරීමට අවශ්‍යයි. ඒක තමයි සැබෑ මිත්‍රකම. මනුස්සකම.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චමුදිතට එරෙහි පරීක්ෂණයට අණ ආවේ හමුදාවේ ඉහළ තැනකින්

Next Post

ඇමරිකාවෙ මිනිස්සු එන්නත් ප්‍රතික්ෂේප කළා… දැන් ඔවුන් අපේ රටවලින් වෙළෙඳපල හොයනවා…. මහාචාර්ය තිස්ස විතාරණ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.