සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංගලගම පොලිස් ස්ථානාධිපති මට මරණ තර්ජන කළා….   මින් පෙර මා ඝාතන තැතටත් මංගලගම පොලිසිය සම්බන්ධයි… අම්පිටියේ සුමනරතන හිමියෝ කියති!

by editor
ජූලි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබඳ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව කඩ කරමින් මඩකලපුව මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා එම ඉඩම තුන්වන පාර්ශ්වයකට ලබාදීම පිළිබඳ විමසීමට යෑමේදී තමාට බලපෑම් කර මරණීය තර්ජන එල්ල කර බවට  මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ අද (10 ) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

තමාගේ ජීවිතයට මේ වනවිට බරපතළ අයුරින් මරණ තර්ජන එල්ල වන බවත්. මේ පිළිබඳ තමන් ලිඛිතව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම සියලු ආරක්ෂක බලධාරීන් දැනුවත් කර තිබෙන බවත්. තමාගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් මඩකලපුව මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා වගකිවයුතු බවත්. අද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

2023 වසරේ පෙබරවාරි 12 වෙනිදා තමාට වෙඩි තැබීම  සම්බන්ධව මංගලගම පොලිසිය සම්බන්ධයක් ඇති බවට සැක කරන බවත්. එම පරීක්‍ෂණ කටයුතුද මේ වනවිට  යටපත් කර ඇති බත්ද සුමනරතන නාහිමියෝ මෙහිදී වැඩිදුරටත් කීහ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අම්පිටියේ සුමනරත්න නාහිමියෝ  මෙසේද සඳහන් කළහ.

” මඩකලපුව දිස්ත්‍රික්කය ගත්තොත්. රාජ්‍ය පරිපාලන ආයතන දෙමළ. මුස්ලිම් . අය වෙනුවෙන් කටයුතු කරන්නේ.  මංගලගම පොලිස් ස්ථානයත් අපට සිදුවන හැම අසාධාරණයක්ම යටපත් කරනවා. අපි වැරදිකරුවන් ලෙස හුවා දක්වන්න නිතරම අපිව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මංගලගම පොලිස් ස්ථානාධිපතිතුමා අධිකරණ තීන්දු වලට පටහැනිව ක්‍රියා කරනවා. මේ ප්‍රදේශයේ ජනතාවගේ අයිතීන් පිළිබඳ කතා කරද්දි. 2023 පෙබරවාරි 12 වෙනිදා මට වෙඩි තියනවා.  මට වෙඩි තියන්න ප්‍රධාන වශයෙන් මම සැක කරන්නේ මංගලගම පොලිසිය. මේ වෙනකන් ඒ ගැන කිසිම පරීක්ෂණයක් නෑ. මට තිබුණු ආරක්ෂාවත් අයින් කළා.

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මංගලගම පොලිසියට තීන්දුවක් දෙනවා යම් ඉඩමක් සම්බන්ධව.  ඒ ඉඩමට කිසිම කෙනෙක් ඇතුළත් වෙන්න එපා කියලා තීන්දුව දෙන්නේ.  ඒ තීන්දුව මංගලගම පොලිසිය බාරගන්නවා. බාර අරන්  මේ ඉඩම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනවා. පවරලා ඒ ඉඩමේ අයිතිය තුන්වන පාර්ශ්වයටත් ලබාදීමට පොලිසිය  කටයුතු කරනවා.

මම ඒකට එරෙහි වුණා. වන සංරක්ෂණයට අයිති ඉඩම ඇයි තුන්වන පාර්ශ්වයකට ලබාදෙන්නේ කියලා මම විමසද්දී මට දැඩි ලෙස මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා තර්ජනය කළා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉඩම් නිලධාරීන්ගෙන්  ග්‍රාම නිලධාරීගෙන් මේ ගැන ප්‍රශ්න කරද්දි ඒ සියලු දෙනාම නිහඩව තවදුරටත් සිටිනවා. මේ සම්බන්ධ මම මංගලගම පොලිසියේ පැමිණිලි තුනක් දාලා තියෙනවා. එකදු පැමිණිල්ලක්වත් විභාග කරල නැහැ. මාව මරනවා හිරේ දානවා කියලා මට තර්ජනය කරනවා.

හැබැයි අධිකරණ තීන්දු කඩ කරන මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව කිසිම පියවරක් නොගන්න නිසා මම තීරණය කළා මේ රටේ මාධ්‍ය ආයතනවල පිහිට පතන්න. නැගෙනහිර පළාතේ ජනතාවට සිදුවන අසාධාරණකම් කියන්න තියෙන්නේ මේ රටේ මාධ්‍ය ආයතන පමණයි. මම හිතනවා මේවා අහලා බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියලා. මංගලගම පොලිස් ස්ථානාධිපතිගේ ක්‍රියාකලාපය පිළිබඳ මම නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාටත් දැනුම් දී තිබෙනවා. මම විශ්වාස කරනවා එතුමාවත් මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරයි කියලා. අම්පිටියේ සුමනරතන නාහිමියන් වැඩිදුරටත් පැවසූහ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 25 වෙනිදා මඩකලපුවට ඇවිල්ලා ආයතන පහළොවකට ගියා. හැබැයි එක පන්සලකටවත් ආවෙ නෑ..එතුමා මුණගැහෙන්න එතුමාගේ ලේකම්වරු මට ඉඩ දුන්නෙත් නෑ. හැම ජනාධිපතිවරයෙක්ම  හිතන්නේ උතුරු නැගෙනහිර පළාතේ දෙමළ. මුස්ලිම් ඡන්ද පමණයි. සිංහල ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතත් ඔය ටික කෙළේ. මෛත්‍රිපාල සිරිසේනත් එහෙමයි. ගෝඨාභය රාජපක්ෂත්  ඔය ටිකම තමයි කළේ. මේක කරන්නේ අපේ නිලධාරියෙක්. දේශපාලනඥයෙක්. මඩකලපුවේ නැති නිසයි. ‍

ප්‍රාදේශීය ලේකම්වරයෙක් නෑ. දිසාපතිවරයෙක් නෑ.වෙන වගකිය යුත්තෙක් නෑ. ඒක නිසා තමයි මේ පළාතේ සිංහල ජනතාවට අසාධාරණකම් වෙන්නේ. මේ වෙනකොට සිංහල ජනතාවගේ ඉඩම් අක්කර 3000 ක් දිවුලපතානේ දමිල ජනතාවගේ ගවයන්  ඇති කරන්න දීලා. මේ පැත්තෙන් තවත් ඉඩම් අල්ලනවා. ඉතිං අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍ය ආයතන පමණයි. වෙන කිසිවෙක් නැහැ”. අම්පිටියේ සුමනරත්න හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තිය සමිති ආඥා පනත උල්ලංඝණය කළැයි රජයට එරෙහිව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති 200ක් අධිකරණයට යන්න සූදානම්…

Next Post

නිධාන හාරා මාට්ටුවුන වව්නියාවේ පොලිස් ලොක්කෙකුගේ සේවය අත්හිටුවයි! 

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.