භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ධූරයෙන් ඉවත් කරයි… අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි…

භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර ඇති අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්යය නිවාඩු යවා තිබේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පසුගිය කාලයේදී පැමිණිලි රැසක් ලැබී තිබිණි.

රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සිය සේවාව රට වෙනුවෙන් ඉටුකළ යුතු අතර එසේ නොකර වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ වූවන් වහාම ධූරයෙන් ඉවත්කිරීම පසුගිය කාලයේ ද සිදු විය.

එමෙන්ම යම් රාජ්‍ය සේවකයෙක් වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ඉදිරියේ දී ද කටයුතු කෙරෙනු ඇත.


මේ ලිපියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිසර ආරක්ෂාව ගැන චන්ඩි පාට් දමමින් ලෝකයට පොරටෝක් දෙන ජනාධිපති රටේ පරිසරය රකින හැටි රාසමාණිකකම් ලෝකයට හෙළි කරන්න යයි!

Exit mobile version