ගම්පොල මාවතුර ඒකාබද්ධ යුද හමුදා භාෂා පුහුණු පාඨමාලාව හදාරමින් සිටිය දී ඉකුත් 11 දා හදිසියේම මිය ගිය හමුදා සෙබලා කොවිඩ් ආසාදිතයෙක් බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අද තහවුරු කළේය.
මෙම භාෂා පුහුණු පාසලේ දෙමළ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පුහුණුවෙමින් සිටිය දී මෙම හමුදා සෙබලා පෙරේදා (11) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මධුශංක නැමැති මේ හමුදා සෙබලාගේ මරණය හෘදයාබාධයකින් සිදුවී ඇති නමුත් සිදුකළ පරීක්ෂණවලදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී යැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය කීවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙම සෙබලා ඒකාබද්ධ භාෂා පුහුණු පාසලේ දී කොවිඩ් වැළඳී දැනට ප්‍රතිකාර ගනිමින් සිටිනා නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙක් බවය.
මෙම යුධ හමුදා ඒකාබද්ධ පුහුණු පාසලේ මේ වන විට භාෂා පුහුණු පාඨමාලාව හදාරන යුද, ගුවන් ,නාවික හා පොලිස් නිලධාරීන් 200 ක් පුහුණුව ලබමින් සිටිති.
මරණයට පත්වූ හා මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබන හමුදා පුද්ගලයන් සිටි නේවාසිකාගාරයේ මේ වන විට තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් 70 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇත.
මේ සම්බන්ධව නිල වශයෙන් විමසීමට ඇමරිකානු තානාපති කාර්යාලය සම්බන්ධ කරගැනීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ විය. එහෙත් මේ සම්බන්ධව නිල නොවන ප්‍රකාශයක් කරමින් එක් නිලධාරිණියක් ප්‍රකාශ කළේ තමන්ට එවැනි එන්නත් ප්‍රමාණයක් ලැබී නැති බවය. එම එන්නත් තොග ලැබෙන්නේ ලබන සතියේ බවය.