විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව භාරකාර රජයේ අගමැතිවරයා ලෙස වගකීම භාරගන්නවා ද නැද්ද යන්න පිළිබඳව අද දවස ඇතුළත අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ ගයන්ත කරුණාතිලක ලංකාසරට පැවසීය.
අද සවස 04ට විපක්ෂ නායකවරයා අගමැති ධුරයේ දිවුරුම් දීමට තීරණය කර ඇති කතාව අසත්‍යයක් බවත්, රටේ පවතින අස්ථාවර ස්වරූපය සලකා බලා විපක්ෂනායකවරයා තීන්දුවක් ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
තව ස්වල්ප වෙලාවකින් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය. එහිදී මේ පවතින තත්ත්වය සම්බන්ධව පුලුල්ව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.