මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර් ආටිගල ද කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු ව ඇත.
සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂාවකදී භාණ්ඩාගාර ලේකම්වරයා කොවිඩ් රෝගය ආසාදනය වී ඇති ව තහවුරු වී ඇති අතර ඔහු මේ වනවිට වෛද්‍ය නිරීක්ෂණ යටතේ පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
භාණ්ඩාගාරලේකම් ආටිගල පසුගිය බ්‍රහස්පතින්දා වන තෙක් මුදල් අමාත්‍යංශයේ නිල රාජකාරී කටයුතුවලට සම්බන්ධ වී ඇති අතර ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ද (05) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හමුවී ඇත.
මීට අමතරව තවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනකුද මේ කාලය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා හමුව ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් මුදල් අමාත්‍යවරයාටද නිරෝධායනය වීමට බොහෝ විට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.