බෝල්කන් රටවල චීන ක්‍රියාකාරිත්වය වර්ධනය වීමත් සමඟ එය පාලනය කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විශේෂ මෙහෙයුමක් දියත්කර ඇත.
ඒ අනුව එහි එක් පියවරක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇල්බානියාව තුල සිය ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් වාර්ධනය කරන ආකාරයක් පසුගිය කාලය තුලදී දැක ගැනීමට හැකියාව ලැබිණි.
චීනය විසින් දූෂිත පාලකයින් සිටින රටවලට ඵලදායක නොවන ව්‍යාපෘති සඳහා අධික ණය මුදල් ලබාදෙමින් එම රටවල ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමේ මෙහෙයුමක නිතරව සිටින අතර එහි ඇතැම් බලපෑම් බොල්කන් කලාපයේද දැක ගැනීමට ලැබේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය කලාපයේ අනෙකුත් රටවලට සාපෙක්ෂව අල්බානියාවේ මදක් අවම වන අතර එහි උපරිම ඵල නෙලාගැනීමට ඇමරිකාව මේවන විට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියී.
ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් විසින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැනටමත් ප්‍රමාද බවට පෙන්වා දුන්නද මෙම තත්ත්වය කලාපයද මදක් උණුසුම් කිරීමට සමත්ව ඇත.
පවතින තත්ත්වය හමුවේ වොෂින්ටන් පාලනය විසින් ඇල්බානියාව තුල යුධමය වශයෙන් අයෝජන කිරීමට පියවරගෙන ඇති අතර එක්සත් ජනපද යුරෝපා විශේෂ මෙහෙයුම් විධානය විසින් ජනවාරි මස මුලදී විශේෂ කඳවුරක් පිහිටුවීමටද පියවරගනු ලැබීය.
ඇල්බානියා මධ්‍යම බැංකුවට අනුව ඇමරිකානු සෘජු විදේශ ආයෝජනයන් 2020 වර්ෂයේ තෙවන කාර්තුවේදී 2019 සාපේකෂව සියයට 48කින් ඉහළ ගොස් ඇති අතර එම අගය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර එක්සත් ජනපදය සහ ඇල්බානියාව විසින් නව පිරිසිදු දුරකථන ජාල පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවරගෙන තිබූ අතර එය නව 5ජී තාක්ෂණය හේතුවෙන් චීන බලය වර්ධනය කිරීම අඩපන කිරීමේ අරමුණින් දියත් වූ මෙහොයුමක ප්‍රතිඵළයක් විය.
ඇල්බානියාව යුරෝපයට වැඩි නැඹුරුවක් දැක්වුද චීනය සිය උත්සහය මේවන තෙක් අත්හැර නොමැති අතර පසුගිය වසරේ ජී20 සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා සහභාගීවන අතරතුරදී ඇල්බානියාවේද සංචාරය කළ අතර මෑතකදී බීජිං පාලනය විසින් ඇල්බානියාවට වැඩි වෙළෙඳ අවස්ථා ලබාදීමටද උත්සුක වී ඇත.
කෙසේ වෙතත් ඇමරිකාව සහ යුරෝපා සංගම සිය බලය බෝල්කන කලාපය තුල යළි තහවුරු කරගැනීමට උත්සහ කළද එය මේවන විටත් මඳක් ප්‍රමාද බවට විශ්ලේෂකයින් පෙන්වා දෙයි.