බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝන් අගේන් අන්තවාදී කල්ලිය පාස්කු කොමිසම ආක්‍රමණය කරලා…

සහරාන් මරාගෙන මැරුනේ ඥානසාර නැමැති යක්ෂයා නිසා ලු... බොදුබල සේනා සංවිධානය කියයි...

by editor
මාර්තු 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් මරාගෙන මැරෙන්නේ ගලගොඩඅත්තේ ඤාණසාර නැමැති යක්ෂයා නිසා යැයි සහරාන් හෂීම් ප්‍රහාරයට දින කිහිපයකට පෙර කළ ප්‍රකාශය පදනම් කරගෙන  පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම විසින් බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට යෝජනා කර ඇති බව එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම ප්‍රහාරය දියත් කරන්නේ අන්‍ය ආගමික විදේශිකයන් ලංකාවට පැමිණීමට එරෙහිව බව තවත් තැනක ප්‍රකාශ කරන උම්මන්තක ත්‍රස්තවාදියෙකුගේ ප්‍රකාශයක් මත කර ඇති මෙම නිර්දේශය කිසිම වෘත්තීය භාවයකින් තොරව කර ඇති බවත්, මෙම විනිසුරු අසුන්වල මුල් පුටුවක සිටින බෝන් අගේන් අන්තවාදී සංවිධානය හා බැඳුණු පුද්ගලයෙකුගේ බලපෑම මත ජාතික රාජ්‍යය සංකල්පය දුර්වල කරමින් තමන්ගේ අන්තවාදී අරමුණු සඵල කරගැනීමට මෙවැනි නිර්දේශ සිදුවුනේ දැයි තමන් සැක කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

බොදුබල සේනා සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වසරකට වැඩි කාලයක් තිස්සේ අති විශාල මහජන මුදලක් ඇතුළත් රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් සහ මාධ්‍ය අවධානයක් ලබා ගනිමින් සිදු කරනු ලැබූ 2019 පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අවසන් වාර්තාව මේ වන විට නිකුත් වී ඇත. මෙම කොමිෂන් සභාව විසින් පාස්කු ප්‍රහාරය දියත් කළ සහ ඊට න්‍යායික සහ දාර්ශනික පදනමක් සැපයූ බලවේගයන් හඳුනා ගනිමින් එවන් ප්‍රහාරයක් මතුවට දියත් කිරීමේ ප්‍රයත්නයන් ව්‍යාර්ථ කරනු ඇතැයි පුලුල් ජනතා අපේක්ෂාවක් පැවතියද මෙම කොමිෂන් සභා වාර්තාව මගින් එවන් දෑහිතකාමී අපේක්ෂා සම්පූර්ණයෙන්ම බිද හෙළා ඇති බව කණගාටුවෙන් යුතුව සදහන් කරන්නෙමු.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ කොටගත් බොදු බල සේනා සංවිධානය මෙම ව්‍යසනයට වසර ගණනකට පෙර මෙවන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම පිළිබදව මෙරට ජනතාව දැනුවත් කළ බව නොරහසකි. වසර 2014 වැනි කාලයකදී පවා සහරාන් හෂීම් නම් අන්තවාදියෙකුගේ ක්‍රියාකලාපය බොදු බල සේනා සංවිධානය මෙරට හමුවේ අනාවරණය කරන ලද බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙහිදී පවා සාක්ෂිමය වශයෙන් නිරූපණය විය. බොදු බල සේනා සංවිධානය ඉස්ලාම් අන්තවාදයෙහි සැබෑ ස්වරූපය සහ මෙරටට ඉන් එල්ල විය හැකි අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙහි පුරෝගාමී මෙහෙවරක නිරත වූ බව නොරහසකි. එකී මෙහෙවර නොසළකා හරිමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා නගා බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට මෙම කොමිෂන් සභාව විසින් උත්සාහ දරන්නේ සමස්ත ජාතියම දුර්වල කොට මෙරට ජාතික රාජ්‍යය බිද දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් වශයෙන් බව අප අවධාරණයෙන් යුතුව සඳහන් කරන්නෙමු.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වගකීමක් පවතින බවට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එළඹෙනු ලබන නිගමනයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ත්‍රස්ත ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියා විසින් සිදු කර ඇති තමන් මරාගෙන මැරෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නැමති යක්ෂයා හේතුවෙන් යැයි කරනු ලැබූ ප්‍රකාශය බව එකී කොමිෂන් සභා වාර්තාවෙහි දක්වා ඇත. එම ත්‍රස්තවාදියාගේ ප්‍රකාශයෙහි සදහන් මරාගෙන මැරීමට තුඩුදුන් තවත් හේතුවක් වන්නේ බටහිර අන්‍ය ලබ්ධික සංචාරකයන් මෙරටට පැමිණීම බව මෙරට ජනතාවගේ දැන ගැනීම පිණිස හාස්‍යයෙන් යුතුව අප සදහන් කරන අතර මෙවන් උන්මත්තක ත්‍රස්තවාදියෙකුගේ ප්‍රකාශ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ස්වකීය නිගමනයන්ට පාදක කර ගැනීම පිළිබදව අප කණගාටු වන්නෙමු.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනත්ත දුක් සහ අපහාසයන් විදිමින් අවසානයෙහි සිරදඩුවම් ද විදිමින් පාස්කු ප්‍රහාරයට වසර ගණනකට පෙර ජාතිය හමුවේ සිදු කරනු ලැබූ අනතුරු හැගවීම හේතුවෙන් ඉස්ලාම් අන්තවාදය පෝෂණය වූවායැයි මෙම කොමිෂන් සභා වාර්තාව මගින් පැවසීම ඉස්ලාම් අන්තවාදයෙහි සැබෑ ස්වරූපය හිතාමතාම වසන් කිරීමෙහි වෑයමක් බව අපගේ හැඟීමයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි පටන් ඉන්දියාව දක්වා රාජ්‍යයන් ගණනාවකට එල්ලවූ ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරයන්ට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හෝ බොදු බල සේනා සංවිධානයෙහි දායකත්වය කවරක්දැයි අප ප්‍රශ්න කරන්නෙමු.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අලුත්ගම සහ මහරගම පැවති බොදු සමුලුවලදී සිදු කරනු ලැබූ කථාවන් සමස්තයක් සේ නොසළකමින් එකී කථාවන්හී උපුටනයන් හුදෙකලාව ගනිමින් මෙම කොමිෂන් සභාව විසින් ස්වකීය නිගමනයන්ට නොඑළඹිය යුතුව තිබූණි. එකී කථාවන්හී ඉස්ලාම් අන්තවාදයට එරෙහි දැඩි වාග් ප්‍රහාරයක් මිස මෙරට මුස්ලිම් ප්‍රජාව කෙරෙහි පොදු වෛරයක් කිසිසේත් ඇතුළත් නොවේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝ බොදු බල සේනා සංවිධානය තුළ එවන් වෛරයක් නොපවතින බව මේ දක්වා මෙරට සාමකාමී මුස්ලිම් ප්‍රජාව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බොදු බල සේනා සංවිධානය සමග ඉතාම සමීපව කටයුතු කිරීමෙන්ම මනාව පෙනී යන බව අප සදහන් කරන්නෙමු.

බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බව අවස්ථා කිහිපයකදීම මෙම කොමිෂන් සභා වාර්තාවෙහි දක්වා ඇත. එසේ තහනම් කළ යුත්තේ කවර නීතියක් යටතේ දැයි නිශ්චිතව දැක්වීමටවත් මෙම කොමිෂන් සභාව වෘත්තීයමයභාවයක් පළ කොට නොමැත. ඇතැම් අවස්ථාවක හුදු නිර්දේශයන්ගෙන් ඔබ්බට යමින් බොදු බල සේනාව අනිවාර්යෙන්ම තහනම් කළ යුතු බවට නියමයක් ඉදිරිපත් කරන ආකාරයට භාෂාව හසුරුවා ඇත. මෙවන් කොමිෂන් සභා වාර්තාවක් රචනා කරන තැනැත්තෙකු හට පැවතිය යුතු අපක්ෂපාතීත්වය සහ වෘත්තීයමය නිපුණත්වය වෙනුවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකු මෙම ආධුනික ලියවිල්ල තුළින් මතුවන බව කණගාටුවෙන් යුතුව සදහන් කරන්නෙමු.

මෙරට තුළ වහාබ්වාදය එහි අක්මුල් විහිදුවා ස්ථාපිත කිරීමෙහි පුරෝගාමී කටයුත්තක් සිදු කරනු ලැබුවේ රිෂ්වි මුෆ්ති නැමැත්තා ප්‍රමුඛ කොටගත් සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය වේ. අනෙක් සියලු තව්හීඩ් සංවිධානයන්ට වඩා වහාබ් අන්තවාදය පෝශණය කිරිමේ කාර්යභාරය ඉටු කරනු ලැබුවේ මෙම සංවිධානය වේ. වසර 2007 තරම් ඈතකදී පවා මුස්ලිම් කාන්තාවන් මුහුණ මතු නොව ඇගිලි පවා ආවරණය වන පරිදි ඇදුම් ඇදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයැයි ෆත්වා නම් ආගමික රීති නිකුත් කරනු ලැබුවේ සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය වන අතර එකී ෆත්වා ලේඛණය පවා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලදී. ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබා දීමේදී එම සාක්ෂි රහසිගතව පටිගත කරනු ලැබූවේ මෙම සංවිධානයෙහි නියෝජ්‍ය ලේකම්වරයා විසින් වේ. ඉන් නොනැවතී ජනාධිපති කොමිසමට වටලප්පන් සංග්‍රහයක් ද ලබා දීමට සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය නිර්භීතව උත්සාහ කරන ලද අතර එම අවස්ථාවෙහි සිටි මාධ්‍යවේදීන් හේතුවෙන් එම උත්සාහය රට හමුවෙහි අනාවරණය විය. මෙම කොමිෂන් සභාව විසින් එවන් සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබදව ඉතාම සැහැල්ලු නිර්දේශයක් පමණක් ලබා දෙමින් ඇතැම් කාරණාවන් සම්බන්ධයෙන් එම සංවිධානයෙහි ක්‍රියාකාරීත්වය ප්‍රශංසාවට පවා ලක් කර ඇති බව කණගාටුවෙන් යුතුව සදහන් කරමු.

ජනතා විමුක්ති පෙරමුණ 1983 ජාතිවාදී කෝළාහලයට වගකිව යුතුයැයි අසත්‍ය චෝදනා එල්ල කරමින් තහනම් කිරීම තුළින් එම පක්ෂයට හා සාමාජිකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවූ බව අප අතර කවර මතවාදී වෙනස්කම් පැවතියද සදහන් කරන්නෙමු. එම තහනම් කිරීම හේතුවෙන් ජාතියම ලේ විලක් බවට පත් වූ අතර රට කෙරෙහි අවංක හැගීමකින් කටයුතු කරන ලද තරුණ පරමිපරාවක් ජාතියට අහිමි විය. මෙම ජනාධිපති කොමිෂන් සභාවෙහි එක් කුමන්ත්‍රණකාරී අරමුණක් බවට පත්ව ඇත්තේ බොදු බල සේනා වැනි ජාතික සංවිධාන තහනම් කොට 1987 සිට 1989 දක්වා පැවති භීෂණකාරී තත්වයට ජාතිය ඇද දමා මෙරට තවත් දෑහිතකාමී තරුණ පරපුරක් වනසා දැමීම බව පැහැදිලිව පෙනී යන කරුණකි. යම් හෙයකින් මෙම කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරමින් අප සංවිධානය තහනම් කරනු ලැබුවද අප කිසිසේත් මෙරට නීතියෙහි රාමුවෙන් ඔබ්බට කටයුතු නොකරන බව ද අවධාරණයෙන් යුතුව පවසන්නෙමු.

තවද මෙවන් ජාතික වශයෙන් වැදගත් සහ අති විශාල රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් වැය වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ස්ථාපිත කොට ඒවාට සාමාජිකයන් නම් කිරීමේදී එසේ පත් කරනු ලබන සාමාජිකයන්ගේ වෘත්තීයමය හැකියාවන් සහ පරිණතභාවය පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි අප සිතන්නෙමු. අධිකරණ ක්ෂේත්‍රයෙහි කටයුතු කිරීම මෙවන් පරීක්ෂණ කොමිෂන් සභාවක සාමාජිකත්වයෙහි කටයුතු කිරීමට පවත්නා එකම සුදුසුකම නොවිය යුතු බව අප සිතන්නෙමු. විශේෂයෙන් මෑත කාලයෙහි පැවති සංකීර්ණ විමර්ශනයක් වන බැදුම්කර වංචාව පිලිබදව පත් කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ස්වකීය අවසන් වාර්තාවෙහි පෙන්වූ විශිෂ්ට වෘත්තීයමය නිපුණත්වය මෙම අපරිණත සහ අසම්පූර්ණ වාර්තාවෙහි කිසිසේත් නොමැති බව ද කණගාටුවෙන් යුතුව පවසන්නෙමු.

මෙම වාර්තාවෙහි පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිට එකී ත්‍රස්තවාදීන්ට දේශපාලනික, මූල්‍යමය, සන්නද්ධ, න්‍යායික සහ දාර්ශනික පදනමක් සැපයූ බලවේගයන් හදුනා ගැනීමට කවර හෝ අවංක උත්සාහයක් දරා නොමැති බව පැහැදිලිව පෙනී යයි. එවන් ත්‍රස්ත ප්‍රහාරයක් මෙරට තුළ අනාගතයෙහි සිදු වීමේ හැකියාවන් සහ මාර්ග හදුනා ගනිමින් ඒවාට අදාළ නිර්දේශ ජනාධිපතිවරයාට ලබා දෙනු වෙනුවට ජනාධිපතිවරයා විසින් ලබා දුන් බලතල අතික්‍රමණය කරමින් අන්‍ය කුමන්ත්‍රණකාරී මාර්ගයක මෙම පරීක්ෂණ කොමිෂන් සභාව ගමන් කොට ඇති බව කණගාටුවෙන් යුතුව සදහන් කරමු.

බුද්ධ ධර්මය සහ සම්බුද්ධ සාශනය සුරක්ෂිත කොට පෝෂනය කිරීම වසර දහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධ රාජ්‍යයෙහි පරම වගකීමක් වූ බවත් ඒ වෙනුවෙන් අපගේ මුතුන් මිත්තන් අනේක විධ බාධකයන්ට මුහුණ දෙමින් ලේ දහඩිය හෙලූ බවත් අප බාල වියෙහි පටන් දන්නා කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 09වන වගන්තිය මගින් ද නිරූපණය වන්නේ රාජ්‍යයට පවත්නා එම අනුලංඝණීය වගකීමයි.

මෙම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි අවසන් නිර්දේශයන් අතර පවත්නා ආගම නැමැති පොදු එක් විෂයක් ඇති කිරීම වැනි යෝජනා යල්පැන ඇති සර්වාගමික සංකල්පයන්ට මුවා වී මෙරට බුද්ධ ධර්මයට සහ සම්බුද්ධ සාශනයට පවත්නා ප්‍රමුඛස්ථානය ක්‍රමිකව දුර්වල කිරීමෙහි සියුම් වෑයමක ප්‍රතිඵලයක් බව අපගේ හැගීමයි. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමෙහි මූල ග්‍රන්ථයන් වන කුරාණය සහ හදීස් සංග්‍රහයන්හි පවත්නා දැඩිසේ ප්‍රචණ්ඩතාවයට තුඩු දෙන ආගමික ඉගැන්වීම් වැනි කිසිවක් බුද්ධ ධර්මයෙහි කවර හෝ පෙළ දහමක නොමැත. බෞද්ධයන්ට පමණක් ස්වකීය කරුණාව සහ දයාව සීමා නොකොට කුරා කුහුඹුවන් ආදී සියලු සත්වයන්ට සමව මෙත් වඩන බුද්ධ ධර්මය වැනි අනගි දහමක් සම්පූර්ණ විෂයක් වශයෙන් දරුවන්ට ඉගැන්විය නොයුත්තේ ඇයිදැයි අප දැඩිව ප්‍රශ්න කරන්නෙමු. ඉස්ලාම් ධර්මයෙහි මූල ග්‍රන්ථයන්හි පවත්නා ප්‍රචණ්ඩකාරී ඉගැන්වීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙහි මුවාවෙන් එවන් කිසිවක් නොමැති බුද්ධ ධර්මය ඉගැන්වීම සීමා කිරීම මෙරට දුවා දරුවන් සම්බුද්ධ සද්ධර්මයෙන් ඈත් කිරීමෙහි බරපතළ කුමන්ත්‍රණයක කොටසක් බව අප අවධාරණය කරන්නෙමු.

මෙම කොමිෂන් සභාවෙහි මුල් පුටුවක “බෝර්න් එගේන්” (Born Again) නම් අන්තවාදී ආගමික කල්ලියක රහසිගතව කටයුතු කරන්නෙකු සිට ඇති බවට මෙම කොමිෂන් සභාවෙහි අවසාන වාර්තාව පරිශීලනය කිරීමේදී අප තුළ සාධාරණ සැකයක් ජනිත කරවයි. සිංහල බෞද්ධ රාජ්‍යය දුර්වල කරමින් ස්වකීය අන්තවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම පරම අභිලාශය කොට ගත් මෙම අන්තවාදී ආගමික කල්ලිය මේ වන විට ක්‍රිකට්, කලා සහ අධිකරණ ආදී ක්ෂෙAත්‍ර ගණනාවක් වනසමින් පිළිලයක් ආකාරයට පැතිර ගොස් ඇති බවත් මෙම කල්ලියෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව රාජ්‍ය මට්ටමෙන් විමර්ශනයක් සිදු විය යුතු බවත් අප සදහන් කරන්නෙමු.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සිතුම් පැතුම් සහ අවංක අභිලාශයන්ට සංවේදී නොවූ මෙම කොමිෂන් සභාවෙහි කුමන්ත්‍රණකාරී කාර්යභාරය ප්‍රහසන ජනක අයුරින් පාර්ශව රැසකගේ විරෝධය මැද මහජන මුදල් කාබාසීනියා කරමින් අවසන් වීම අප තුළ දැඩි කණගාටුවක් ජනිත කරවයි.

 

මෙකී සියලු තත්වයන් යටතේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබූ කාර්යයන් ඉටුකිරීමෙහිලා දැඩිව අසමත් වී ඇති බවත් එකී කාර්යයන් වෙනුවෙන් වැය කරනු ලැබූ අති විශාල මහජන මුදල් ඇතුළත් රාජ්‍ය සම්පත් කෙරේ කවර හෝ සාධාරණයක් මෙම කොමිෂන් සභාව වෙතින් ඉටුව නොමැති බවත් කණගාටුවෙන් යුතුව අප පවසන්නෙමු. තවද මෙම කොමිෂන් සභා අවසන් වාර්තාවෙහි පවත්නා අගතිගාමී නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට එරෙහි වීම ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් බවත් එකී කටයුත්තෙහි අප සංවිධානය නොපසුබටව සහ නිර්භීතව නියැලෙන බවත් අවධාරණයෙන් යුතුව ජාතිය හමුවේ පවසන්නෙමු.

– තෙරුවන් සරණයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාපෙළ අගෝස්තුවේ – උපෙළ දෙසැම්බරයේ!

Next Post

නාගදීප රාජ්‍ය වෙසක් උළෙලට ටී.එන්.ඒ විරුද්ධ වෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.