බොරැල්ල පොලිසියේ නිලධාරීන් දස දෙනකු සඳහා ඊයේ (31) දිනයේදී සිදු කෙරුණු පී.සී.ආර් පරීක්ෂණවලින් අට දෙනකුම රෝග ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
මේ අනුව මේ වනවිට බොරැල්ල පොලිසියේ පමණක් පොලිස් නිලධාරීන් 15 දෙනකු කොවිඩ් 19 රෝගය වැලඳී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණනාවක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබේ.
මේ වනවිට පොලිසිය තුළද පිරිසක් නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර මේ දිනවල 300ක් පමණ පිරිසක් බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරති.