අද (23) අලුයම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ගමන් ගත් බීමත් මැයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට දුම්රියෙන් පිටතට විසිවන සේ පා පහරක් එල්ල කිරීම නිසා දුම්රියෙන් ඇදවැටුණු එම නිලධාරියා මියගොස් තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අද අළුයම කොළඹ සිට යාපනය තෙක් ගමන් ගත් දුම්රියේ ගමන් කළ මගීන්ගේ පැමිණිල්ලකට අනුව දුම්රියේ රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරියෙක් දුම්රිය තුළ මත්පැන් පානය කරමින් සිටි මගීන් කිහිප දෙනෙක් ඉවත් කිරීමට උත්සාහ කර ඇත.
එහිදී එම බීමත් පිරිස දැඩි ලෙස කළහ කිරීමට පෙළඹී තිබේ.
කෙසේ වෙතත් මේ බීමත් පුද්ගලයින් මැදිරියෙන් ඉවතට රැගෙන යන අවස්ථාවේදී එක් සැකකරුවෙකු ආරක්ෂක නිලධාරියාට පයින් පහර එල්ල කර ඇත. එම පහර කෑ ආරක්ෂක නිලධාරියා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඇදවැටී තිබේ.
මෙම පහරදීම සිදුවී ඇත්තේ දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය පසුකරමින් සිටියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබීමෙන් පසු ඇද වැටුණු ආරක්ෂක නිලධාරියා සොයා ගිය වේයන්ගොඩ පොලිසිය ට වදුරව දුම්රිය ස්ථානයට මීටර් 100ක් පමණ එපිටින් වැටී තිබූ ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඔරුතොට ප්රදේශයේ පදිංචි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකි.
31 හැවිරිදි නොච්චියාගම ප්රදේශයේ පදිංචිකරුවෙක් සහ 23 හැවිරිදි අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙක් සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.