බීමතින් පැමිණ තම 18 හැවිරිදි දියණිය අපයෝජනය කිරීමට තැත් කළ බව කියන නුවර මූලස්ථාන පොලිසියටට අනුයුක්තව සේවය කරන 56 හැවිරිදි පොලිස්කාරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
තම පොලිස් සැමියා විසින් ඔහුට දාව උපන් ඔහුගේ දියණිය අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කළ බවට වූ පැමිණිල්ල දියණියගේ මව කටුගස්තොට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඊයේ (29) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට යොමුකර ඇත.
අපයෝජනයට ලක්වූ බව කියන දහ අට වියැති දියණිය කටුගස්තොට මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කළ බව පොලීසිය පවසයි.
මහනුවර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන 56 හැවිරිදි සැකකරු කටුගස්තොට පහළ කොණ්ඩදෙණියේ පදිංචිකරුවෙකි.
ඔහු පොලිස් සැරයන් තනතුරට හැඩගැසීමේ පාඨාමාලව මහිංයගණ පොලිස් විද්‍යාලයේ දී හදාරමින් සිටින බව බව අනාවරණය වී තිබේ.
තම දියණිය උණ රෝගය වැළඳී නිදා සිටි අවස්ථාවේ සැරයන් පියා බීමතින් පැමිණ දියණියව අපයෝජනයට ලක් කිරීමට උත්සහ කළ බවට මවගේ පැමිණිල්ලේ සඳහන් වේ තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.