කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ලෝක ශූරතාවය දිනූ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට සිය මව් රටට යා නොහැකිව බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල බාර්බඩෝස් හි කොටු වී සිටින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
ලෝක කුසලානය දිනූ ඉන්දියානු කණ්ඩායම විශේෂ වෙන් කළ ගුවන් යානයකින් ඊයේ ඉන්දියාව බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටිය ද සුළි කුණාටු තත්ත්වයක අවදානම හේතුවෙන් සියලුම ගුවන් ගමන් අවලංගු කර බාබඩෝස් ගුවන්තොටුපල වසා දමා තිබිණි.
අපේක්ෂිත කුණාටුව පැයට කිලෝමීටර 130 වේගයෙන් පහර දෙනු ඇතැයි පුරොක්ථනය කර තිබිණි. ඉන්දියානු කණ්ඩායම අද (01) දිනයේත් ඉන්දියාවට පැමිණීම සැක සහිත බව වාර්තා වේ. අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඉන්දීය කණ්ඩායමට හෝටලය තුළ රැඳී සිටීමට බල කෙරී ඇත.