අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදුදහම වනසන අලුත් ප්‍රවණතා හෙළිකළ දලයිලාමා අනුගාමික හිමියන්ගේ ලංකා ගමන

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2022
in පුවත්
file photo

file photo

Share on FacebookShare on Twitter

ටිබෙටයේ පැවැති ප්‍රධාන බෞද්ධ ආරාම 5,000 න් දැනට පවතින්නේ පහක් පමණක් බවත් ඉතිරිය චීන හමුදාව විසින් කඩා බිඳ දමා ඇති බවත් ටිබෙට් බෞද්ධ විශාරදයෙකු සහ ගුරුවරයෙකු වන ලින්ග් රින්පොචේ හිමියන් පසුගියදා අනාවරණ කිරීමත් සමග පිළිබද ලොව පුරා බොහෝ බෞද්ධයන්ගේ අවධානය ඒ දෙසට යොමු වන්නට විය.

ටිබෙට් අනන්‍යතාව විනාශ කිරීම සඳහා බුදුදහම හෑල්ලු කිරීම සම්බන්ධයෙන් චීනයට දඬුවම් කළ යුතු බව උන් වහන්සේ පෙනවා දන්හ. එසේම ටිබෙට් සාහිත්‍ය දලයි ලාමාතුමාගේ මාළිගාව ඇතුළු බෞද්ධ අනන්‍යතාවයන්, ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් ආරාම සහ බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් චීනය විසින් විනාශ කර ඇති බවත් උන්වහන්සේ විසින් හෙළි කරන ලදහ.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ලින්ග් රින්පොචේ හිමියෝ වැඩිදුරටත් සදහන් කළේ චීනය දශක ගණනාවක් තිස්සේ ටිබෙට් ජාතිකයින්ට එරෙහිව අමානුෂික සහ ම්ලේච්ඡ ක්‍රියා සිදු කරන බවය.

“ටිබෙට් ගොවීන් සහ අනකුත් සිවිල් වැසියන් සිය දහස් ගණනක් සිර කඳවුරුවල ගාල් කර වෙඩි තබා ඇති අතර ඔවුන් කර්මාන්තශාලාවල සහ නිවෙස්වල සාගින්නෙන් මිය ගොස් තිබෙනවා” යැයි රින්පොචේ හිමියෝ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළ බරපතල කරුණකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ටිබෙට් අනන්‍යතාවය සහ සංස්කෘතිය යන දෙකම බුදුදහම මත පදනම් වූ බවත් චීන ජාතිකයන් ටිබෙට් අනන්‍යතාවය නැති කිරීම සඳහා බුදුදහමට පහර දෙන බවත් උන්වහන්සේ ගේ අදහස විය.

මේ අතර ටිබෙටය ස්වාධීන රටක් බවත්, එම රටේ ජාතික නායකයෙකු මෙන්ම ආධ්‍යාත්මික නායකයෙකු වූ බෞද්ධ භික්ෂුවක් විසින් පාලනය කරන ලද එකම රට ටිබෙටය බවත් එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ පෙන්වා දුන්හ.‍
ඉන්දියාවේ උපත ලැබූ ලින්ග් රින්පොචේ හිමියන් ආසියාවේ , යුරෝපයේ, කැනඩාවේ, එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ, ඊශ්‍රායලයේ, ඕස්ට්‍රේලියාවේ සහ මොංගෝලියාවේ මෙන්ම ඉන්දියාව සහ නේපාලය පුරා ටිබෙට් ජනාවාසවල සහ ඉන්දියාවේ අරුනාචල් ඇතුළු හිමාලයානු ප්‍රදේශවල ධර්මය ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගත් ස්වාමීන් වහන්සේ නමකි.

පසුගියදා මෙරටට වැඩම කළ මෙම හිමියන් ඇතුළු දූත පිරිස සිය සංචාරය ත=ුළ දී මෙරට බෞද්ධ සිද්ධස්තාන ගණනාවක් වැඳ පුදා ගැනීමටද කටයතු කළහ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුව පිරිත් සජ්ඣායනා සහ පූජාවන් ද සිදු කළ අතර අනුරාධපුර අටමස්ථාන ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගත්හ.
ටිබෙට් භික්ෂූන් වහන්සේලා එයින් අනතුරුව මහනුවරට වැඩම කළහ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ප්‍රමුඛ මහා නායක හිමිපාණන් වහන්සේද බැහැදැකීමට වැඩම කොට තිබේ.

එහිදි ඉන්දියාවේ – කුෂිනගර් හි මතුබුදුවන මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට යෝජිත බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ධාතූන් වහන්සේ නමක් වැඩමවා එහි තැන්පත් කිරීමටද උන්වහන්සේ මෙරට මහා සංඝරත්නයෙන් ඉල්ලා ඇත. ‍

මෙරට නායක ස්වාමීන් වහන්සේ විසින් දලයි ලාමා හිමිපාණන් විසින් ඉටු කරනු ලැබූ මහඟු සේවය අගය කර ඇති අතර දලයි ලාමා තුමා සෙවණේ හැදී වැඩුණු අතිඋතුම් ලින්ග් රින්පොචේ හිමියන්ටද බෞද්ධ ධර්මය රැකගැනීම වෙනුවෙන් සිදුකරන අනූපමේය මෙහෙවර වෙනුවෙන් ආශිර්වාද කර තිබේ.

එහිදී දෙරට අතර පැවති සමීප සබඳතා සහ සබඳතා නියෝජනය කරන අතීත සිදුවීම් කිහිපයක් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

එනම් එක් ශ්‍රී ලාංකික රහතන් වහන්සේ නමක් ඇතුළු භික්ෂූන් වහන්සේලා දහසය දෙනෙකු ටිබෙටයේ වන්දනාමාන කිරීම, ශ්‍රී ලංකාවේ නිදහස් අරගලය සහ ටිබෙට් භික්ෂූන් දහස් ගණනක් අතීතයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි අයුරු පිළිබඳ මෙහිදී නායක ස්වාමීන් වහන්සේලා විසින් මතකාවර්ජනයක් ද සිදු කොට ඇත.

අතිඋතුම් ලින්ග් රින්පොචේ හිමිපාණන් ඇතුලු දූත හිමිවරුන් පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ බැහැදුටු අතර අතිපූජ්‍ය දලයි ලාමා හිමිපාණන් වහන්සේ බුදුදහමට සිදුකරනු ලබන සේවාවන් පිළිබඳව එහිදී උන්වහන්සේ ප්‍රසාදය පළ කර ඇත.

මෙම සංචාරයට සමගාමීව අස්ගිරි මහ පිරිවෙනේ භික්ෂූන් වහන්සේ 200 නමකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ලෝක සාමය සහ යහපත් සෞඛ්‍යක් වෙනුවෙන් සෙත් පතා පිරිත් සජ්ඣායනාවක්ද සංවිධානය කර තිබුණ.

අනුරාධපුර සහ මහනුවර සංචාරයන්ගෙන් පසුව උන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දකුළුු බඵාකටද වැඩම කළහ. ඒ අනුව ලින්ග් රින්පොචේ හිමියන් ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ අලුත්ගම කන්දේ විහාරය වෙත ගිය අතර එහිදීද දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගැනිණි.

අනතුරුව දූත පිරිස කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයට වැඩම කළේ වස්කඩුවේ කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේගේ භාරකාරත්වය දරන එහි විහාරාධිපති ආචාර්ය මහින්දාශ්වංස නාහිමියන්ගේ ආරාධනයෙනි. ‍

එහිදී මහරහන් වහනසේලාගේ සර්වඥ ධාතු වැඳපුදා ගැනීමෙන් පසු සාම්ප්‍රදායික බෞද්ධ පෙරහැරින් උන්වහන්සේ විහාරස්ථානයට වැඩම කරවීම සිදු විණි.

අනතුරුව උන්වහන්සේට පිරිත් සජ්ඣායනාවකින් ආශිර්වාද කිරීමෙන් පසු මාධ්‍ය හමුවක්ද පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවේදී අති පූජ්‍ය ලින්ග් රින්පොචේ හිමියන් , පසුගිය දශක ගණනාවක් තිස්සේ කොමියුනිස්ට් චීනය විසින් ඔවුන්ට එල්ල කරන ලද අමානුෂික සහ තිරිසන් ම්ලේච්ඡ ක්‍රියා ගැන මෙරට මහා සංඝරත්නයට සහ ලොවට හෙළි කළහ..

දලයි ලාමා තුමාගේ මාලිගාව, ආරාම සහ බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් විනාශ කිරීම ඇතුළු ඔවුන්ගේ සාහිත්‍ය විනාශ කිරීම, ඓතිහාසික හා ආගමික වටිනාකමක් ඇති ටිබෙට් ජාතිකයන් ක්‍රමානුකූලව ඔවුන්ගේ රට තුළම අසරණ තත්ත්වයකට ඇද දැමීම. පන්දහසකට අධිකව පැවති ආරාම සංඛ්‍යාව චීන හමුදා විසින් විනාශ කිරීමෙන් පසු දැන් ආරාම පහක් පමණක් පවතින බවත්, උන් වහන්සේ අණාවරණ කළහ.

සිය දහස් ගණනක් ටිබෙට් ගොවීන්, සහ අනෙකුත් සිවිල් වැසියන් වෙඩි තබා මරා දමා ඇති අතර අනෙක් ටිබෙට් ජාතිකයින් ඔවුන්ගේම නිවාසවල කුසගින්නෙන් මිය යාමට සළස්වා ඇති බවද උන් වහන්සේ විසින් හෙළි කරනු ලැබුණි.

ටිබෙට් අනන්‍යතාව බුද්ධාගම බවත් ඔවුන්ගේ සංස්කෘතියද බුද්ධාගම බවත් චීන ජාතිකයන් ටිබෙට් ජාතිකයන්ගේ අන්‍යතාවය නැති කිරීමට බුදුදහම විනාශ කරන බවත් උන්වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

දලයි ලාමා තුමාට සහ ඔහුගේ අනුගාමිකයින් 80,000 ක් වන භික්ෂූන් වහන්සේලාට ඉන්දියාව සරණාගතභාවය ලබා දීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළේ කෘතඥතා පූර්වකවය.

බුදුදහම සහ බෞද්ධ ප්‍රජාව විනාශ කිරීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට්වාදීන් නිර්ලජ්ජිතව හෙළා දැකිය යුතු බවද මහානායක හිමියෝ එහිදී සඳහන් කළහ.

කෙසේ වෙතත් මෙවැනි බාධක කම්කටොළු රැසක් මධ්‍යයේ අභිධර්මය පිළිබඳ ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව සහ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම කැපී පෙනුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේනයේ සිටින ඉන්දියානුවන් වෙනුවෙන් ගංගා මෙහෙයුම දියත් කෙරේ.!

Next Post

හෙට පැය 3 ක විදුලි කප්පාදුවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.