දිනසේන රතුගමගේ
බී.බී.සී.ලෝක සේවයේ සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් බොහෝ කලක් කටයුතු කල ප්‍රියාත් ලියනගේ 17 දා අළුයම ලන්ඩනයේ රෝහලකදී මිය ගොස් තිබේ.
මියයන විට 61 වෙනි වියෙහි පසුවූ ප්‍රියාත් බී.බී.සී.යෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ලන්ඩනයේ සේවය කළේය.
බී.බී.සී ලෝක සේවයේ ඉංග්‍රීසි මාධ්‍යය විකාශයට ශ්‍රී ලංකාව පිළිබදව පියාත් ලියනගේ විසින් නිර්මාණය කළ වැඩ සටහන් කීපයකටම ඔහුට අන්තර් ජාතික මට්ටමේ සම්මාන හිමි වී තිබුණි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ බොහෝ අංශවල නවතාවයක් ඇති කිරීම සදහා ප්‍රියාත් මහතා කටයුතු කළ අතර බී.බී.සී.වැඩ සටහන් ශ්‍රී ලංකාවේ අසන්නන්ට වඩාත් පැහැදිලිව ශ්‍රවණය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ එම වැඩ සටහන් විකාශය කිරීමට පුරෝගාමී වූයේද ප්‍රියාත් ලියනගේය.
චිත්‍රපට කර්මාන්තය පිළිබදව දැඩි ඇල්මකින් සිටි ඔහු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පුරහද කළුවර චිත්‍රපටයේ පිටපත් රචකයාද විය.