දිනසේන රතුගමගේ-
යාපනයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහනයක රියදුරු අධික ලෙස මත්පැන් පානය කොට එම වාහනය පදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් 12 දා සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
යාපනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් එම වීඩියෝව ගෙන ඇත්තේ යාපනයේ අලම්පිල් ප්‍රදේශයේදීය.
සෞඛ්‍ය සේවාවේ නිරත එම රියදුරා රථය තුළ තවත් මිතුරෙකු සමග මත්පැන් පානය කරණ ආකාරයත් මත්පැන් බෝතලයක් රථයේ තිබෙන අයුරුත් වීඩියෝවේ ඇතුළත් වී තිබේ.
වීඩියෝව ලබා ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සෞඛ්‍ය සේවකයා තර්ජනය කොට අධික ලෙස බීමත්ව එම වාහනය එම ස්ථානයෙන් ඉවතට පදවා ගෙන යන ආකාරය වීඩියෝවේ දැක්වෙන අතර රියදුරා වාහනයට ගොඩ වන්නේද දැඩි ආයාසයකින් බව එම වීඩියෝවට අනුව පෙනීයයි.
සමාජ මාධ්‍යයට මුදා හැර අති එම වීඩියෝව මගින් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් පවත්වා අදාල රියදුරාට එරෙහිව නීතිමය පියවරක් ගන්නා ලෙසයි.







