බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන39ක වෛද්‍ය ආධාර නිදහස් කරන්න රජය සල්ලි දෙන්නේ නෑ…  විකල්පය ජනතාවගේ පිහිට පමණයි… පූජ්‍ය රජවැල්ල සූභූති හිමි

වෛද්‍ය උපකරණ නිදහස් කරගන්න  ලබා දුන් අවසන් දිනය අවස්ථා දෙකක දී මග හැරුණා… මේ වෛද්‍ය ආධාර රටට අහිමිවෙන්න නියමිතයි!

by editor
අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ – ශ්‍රියානි විජේසිංහ 

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එකමුතුවක් වන සිල්වියා ලංකා පදනම ඇතුළු ස්වේච්ඡා සංවිධානයන් මගින් රුපියල් කෝටි 3900ක් නැතහොත් බිලියන 39ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කළද එම පරිත්‍යාගයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන කෝටි 12 ½ ක මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් එම  පරිත්‍යාගය රටට අහිමි වී යාමේ අවදානමනම් මේ වන විට  නිර්මාණය වී තිබේ. මේ පළවන්නේ  උක්ත  පරිත්‍යාගය මෙරටට ලබා ගැනීම සඳහා සිල්වියා ලංකා පදනමේ මෙරට  නියෝජිත,  රෝහල් සේවා මණ්ඩලයේ ප්‍රධානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ල සූභූති හිමියන් ගත් උත්සාහය  හා ඒ පිළිබඳව අද ඇතිව තිබෙන තත්ත්වය  සම්බන්ධයෙන් ලංකාසර උන්වහන්සේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.  

රජවැල්ලේ සුභූති හිමි

ප්‍රශ්නය –  මෙවැනි විශාල වෛද්‍ය  උපකරණ තොගයක් එකවරටම ගෙන්වා ගැනිමට ඔබ වහන්සේ අදහස් කළේ ඇයි? 

පිළිතුර –  රෝහල් සේවා  මණ්ඩලය විදහට අපි වසර 12ක් පුරා මේ සේවාව කරගෙන යනවා. අපි එංගලන්තය, ඇමරිකාව,  කැනඩාව,  ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ ජපානය  යන රටවල් 6ක් එක්ක වැඩකරගෙන යනවා. අපි වැඩිපුරම වෛද්‍ය උපකරණ ගන්න කැමති  එංගලන්තයෙන් . 

ප්‍රශ්නය –  රටවල් 6ක් සමග කටයුතු කළත් එංගලන්තයෙන් ලැබෙන වෛද්‍ය උපකරණවලට‌ වැඩි කැමැත්තක් දක්වන්න හේතුවක් තියෙනවාද?

පිළිතුර –  මොකද අපේ රෝහල්වල තියෙන විදුලිධාරිතාවත්  එංගලන්තයේ රෝහල්වල භාවිත කරන විදුලි ධාරිතාවත්  එකහා සමානයි. එහෙම වුණාම අපේ රෝහල්වල  එම උපකරණ භාවිත කරන්න පහසුයි. අනික අලුත් වෛද්‍ය උපකරණ අපිට ලැබෙන්නේ එංගලන්තයෙන් . අනික් රටවලින් බොහෝ විට ලැබෙන්නේ පාවිච්චි කළ වෛද්‍ය උපකරණ. ඒ්   නිසාම මම පසුගිය කාලේ එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡාවට කීපයක්ම  පැවැත්වුවා.  එහි ප්‍රතිපලයක් ලෙස තමයි අපිට කෝටි 3900ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන්න එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සිල්වියා එකමුතුව ඇතුලු සංවිධාන   පියවර ගත්තේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය –  මේ තරම් විශාල විටිනාකමකින් යුතු උපකරණ මෙරට රෝහල්වෙත බෙදා හැරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහය ලබා නොගෙන රෝහල් මණ්ඩලයේ  පමණක් සහය ලබා ගන්න තීරණය කළේ ඇයි?

පිළිතුර – අපි වසර 12ක් පුරා මේ සේවාව කරගෙන යනවා. අපි විනිවිදභාවයකින් මෙම සේවාව ලබා දෙනවා. වෛද්‍ය උපකරණ අවශ්‍ය  රෝහල් හඳුනාගෙන ඒවාට උපකරණ බෙදා හැරලා ඒ වාර්තාවක් අපි එංගලන්තයට යවනවා. අපි කෙරෙහි ඒ්  සංවිධානයන් විශාල විශ්වාසකයක් තබා තිබෙනවා.

ප්‍රශ්නය – කෝටි ගණනක් වටිනා වෙද්‍ය උපකරණ ලංකාවට පරිත්‍යාග කරලා තියෙනවා. ඒවා මෙරටට  ගෙන්වා ගැනීම සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය, ඒ වගේම  රජය දැනුවත් කරලාද?

පිළිතුර – සිල්වියා පදනමේ ශ්‍රී ලංකාවේ නියෝජතියා ලෙස කටයුතු කරන්නේ මම. එංගලන්තයේ ඒ පදනම මගින් ජනාධිපතිවරයාව දැනුවත් කරලා ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියේම පිටපතක් සෞඛ්‍ය ලේකම්වරයාටත් ලැබිලා තියෙනවා. අපි සෞඛ්‍ය අමාතයංශයේ මේ පිලිබඳව සාකච්ඡාවක් පවා සිදුකලා.

 ඒ විතරක් නොවෙයි සෞඛ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කියලා තිබුණා මේ උපකරණවලින් අපිට අවශ්‍ය මොනවද කියලා තෝරලා ගන්න කියලා. ඒ අය අපිට එවලා තියෙනවා අවශ්‍ය මොනවද කියලා. ඒවා අපි ලයිස්තු ගත කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් පළාත් සහ ප්‍රාදේශිය රෝහල් අධ්‍යක්ෂවරුන්ට යවලා ඒ අයට අවශ්‍ය මොනවද කියලා ලැයිස්තුවක් ගෙන්වා ගත්තා.

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබෙන උනන්දුව ගැන බැලූ විට මේ උපකරණවල අවශ්‍යතාව තදින්ම තියෙන බව හැගී යනවා. උවමනාව තිබුණත් උපකරණ ගෙන්වා ගන්න  දක්වන උනන්දු කොයි වගේද?.

පිළිතුර – මේ මොහොතේ සෞඛ්‍ය අමාතයංශයේ විමධ්‍යගත අයවැයෙන් මෙම උපකරණ ගෙන්වා ගන්න කියලා මුදලක් වෙන් කරලා නැහැ. නමුත් අපි සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කළාම ඔහු කීවේ ජනාධිපති කාර්යාලයෙන් මේ සම්බන්ධ ලිපියක්  ඇවිල්ලා තියෙනවා මේක කොහොම හරි කරන්න කියලා . මේකට සල්ලි ටිකකක් වෙන් කරන්න කියලා. සෞඛ්‍ය අමාතයංශයේ ලේකම්වරයා ජනාධිපති කාර්යාල හරහා මුදල් අමාත්‍යංශයෙන් සල්ලි ටිකකක් ඉල්ලන්න ඔනේ. මේ ලිපියත් මේ වන විට යවලා තියනවා කියලා ඇමතිවරයා කිව්වා. මේකට කැබිනට් අනුමැතියක් ගන්න ඔනේ කියලා 

ප්‍රශ්නය – මේ උපකරණ තොගය මෙරටට ගෙන්වා ගැනීමට  අපට ඉතිරිවෙලා තියෙන කාලය ඉතාමත් සීමිතයි. අපට ලැබුණ මෙම පරිත්‍යාගයන් අහිමිවේවිද? 

පිළිතුර – අප්‍රේල් 4 වෙනිදා වෙන කොට  අපිට අවසාන දැනුම් දීම කරන්න කිව්වා.  අපිට 4 වෙනිදා වෙනකොට කියාගන්න බැරි වුණා. අපි සති දෙකක කාලය ඉල්ලුවා.ඒ සති දෙක අප්‍රේල් 18 වෙනිදා අවසන් වුණා.  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ලබා දෙන බවට හුවමාරුවන  ලිපියේ පිටපතක් සමග   අපි 17 වෙනිදා නැවත ලිපියක් යැව්වා 

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජනාධිපති ලේකම්  කාර්යාලය එක්ව කරගෙන මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට ගෙන්වා ගැනීම සඳහා කරගෙන යන වැඩපිළිවෙළේ ලිඛිත සාක්ෂි ඔබ වහන්සේ සතුව පවතිනවාද?

පිළිතුර – මේ වනවිටත්   ලිඛිතව කිසිම දෙයක් ලැබිලා නැහැ. සියල්ලම වාචිකව ලැබිලා තියෙන්නේ. තිබෙන එකම සාක්ෂි තමයි සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යංශයෙන්  කළ ඉල්ලීමේ ලිපියේ  පිටපතක්… එය පමණක් අපිට ලැබිලා තියෙනවා.

ප්‍රශ්නය – මේ  විශාල වෛද්‍ය උපකරණ තොගය  රට ඇතුලට ගන්න කරන උත්සාහයේ දී    සෞඛ්‍ය  අමාත්‍යංශයේ  නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?‍

පිළිතුර – නිලධාරීන්ගෙන් නම් ඒ තරම් සහයක් ලැබුනේ නැහැ.  නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , කොවිඩ් රෝග  සම්බන්ධිකාර ලෙස කටයුතු කළ වෛද්‍ය සහ ඖෂධ නිෂ්පාදනය සහ නියාමන අමාතයංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් උනන්දු වුණා. මේ අය උපකරන තොගය අපට අවශ්‍යයයි කියලා සාක්ෂි සහිතව කිව්වා. ඒකත් සතුටට කරුණනක්. 

ප්‍රශ්නය – විවිධ මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් වාර්තා පළ වූ පසුව  සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇස් ඇරුණා නේද? .

පිළිතුර – ඒක නිවැරදියි. මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාට පසුව තමයි මේ අයගේ උනන්දුව වැඩිවුනේ. 

ප්‍රශ්නය –  ඔබ වහන්සේගේ සංවිධානය මගින් මීට පෙර රෝහල්  උපකරණ  ටික ගෙනවා ගැනීමේදී සෞඛ්‍ය  අමාත්‍යංශය  සහය ලබා ගත්තේ නැහැ. නමුත් ඇයි මෙම උපකරණ  ලබා ගැනීමට සෞඛ්‍ය අමාතයංශය සහය ලබා ගන්න තීරණය කළේ?

පිළිතුර – දැන් පිටරටින් ගෙන්වන භාණ්ඩවලට ලොකු බද්දත් අය කරනවා. අපේ නමට ආවොත් ‌මේ බද්ද අයින්  කරන්නේම නැහැ. ආණ්ඩුවට දුන්නොත් විතරයි බද්ද අයින් කර ගන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මෙයට සම්බන්ධකර ගන්න සිදුවුණා. රජයේ වගකීමක් තමයි අපි වගේ ස්වේච්ඡා සංවිධානවලින් බදු ලබා නොගැනීමට කටයුතු කිරීම .ඒ වෙනුවට  සහන ලබා දීලා දිරිගැන්වීම් කරන්නයි අවශ්‍ය වෙන්නේ.

ප්‍රශ්නය – රජයෙන් ලැබෙන සහයෝගය කණගාටුදායක  නම් පොදු මහජනතාවට මේ සඳහා සහය විය හැකිද?

පිළිතුර – අනිවාර්යයෙන්ම අපි දැන් බලාපාරොත්තු වෙන්නේත් ඒ දේම තමයි. මේ මුදල ජනතාවගේ එකතුවෙලා ලබාදෙන්න පුලුවන් නම් . ඒ සහනය ලැබෙන්නේ ජනතාවට නිසා මෙය වැදගත් කටයුත්තක් වෙයි. 

දෙකෝටියක් පමණ වන රටේ ජනතාව රුපියල්  10 බැගන් හෝ රුපියල් 5 බැගින් අපේ ගිණුමට බැර කරනවා නම් මෙය ඉතා පහසුවෙන් කළ හැකිය. අපේ ගිණුම් අංකය පහත සදහන් කරනවා. හැකි හැමෝම මේ සඳහා සහය ලබා දෙනවා නම් මේ කටයුත්ත පහසුවෙන් හා ලෙහෙසියෙන් කර ගන්න පුලුවන් වෙනවා.  

රෝහල් සේවා කමිටුව, දිවිසරණ පදනම , ලංකා බැංකු, ගිනුම් අංක 0071988321, ශාඛාව 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රතු රත්තරං ලෙස සැලකෙන කුංකුම වගාව කාශ්මීරයෙන් ඔබ්බට

Next Post

කොඩිකාමම් පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.