ලලිත් චාමින්ද –
රජය සතු ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක් ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස අට තුළ රුපියල් බිලියන 311.5 ලාභයක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ මුල් මාස අට තුළදි මෙම රාජ්‍ය ආයතන 52 රුපියල් බිලියන 726.9ක අලාභයක් ලබා තිබුණි. එම අලාභය ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුළ රුපියල් බිලියන 311.5 ලාභයක් බවට පත්කරගැනිමට හැකිවි තිබු බව මෙම වාර්තාවේ සදහන් වේ.
මෙම ප්‍රධාන රාජ්‍ය ආයතන 52න් 38ක් රුපියල් බිලියන 338.5 ක බදුපෙර ලාභයක් ලබා තිබු අතර ආයතන 14ක් රුපියල් බිලියන 27ක ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි.
රාජ්‍ය ආයතන විසින් ලබාගත් මෙකී ලාභය සඳහා මෙම කාලසිමාව තුළ සියයට 26.2ක දායකත්වයක් ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ලබා දි ඇත.
මෙම කාලය තුළ ජලය, විදුලිය ඉන්ධන ගාස්තු වැඩිකිරිම සහ රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබු නොයෙකුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය ආයතනවල ආදායම වැඩිවි ඇත.