දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටිය දි හදිසියේ සිදු වූ පිපිරීමක් නිසා වැඩ කරමින් සිටි හතර දෙනෙකු තුවාල ලබා ඊයේ (21) මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔවුන් මෙම අනතුරට පත්ව ඇත්තේ කොක්කුතොඩුවායි – වෙම්බඩි හන්දියේ සිට වැලිඔය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් සිටියදීය.
මුලින්ම පිපිරීමට හසුව ඇත්තේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා යොදවා තිබූ ඩෝසරයකි.
පසුව සිදූවූ ඊළග පිපිරීමේදී බිම් බෝම්බ ඉවත් කරණ කම්කරුවන් තුවාල ලබා තිබේ.
මුලතිව් රෝහලට ඇතුළත් කල හතර දෙනාගෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නොමති බව මුලතිව් රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
මුලතිව් කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.