ශ්‍රියානි විජේසිංහ
ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මෙම අවස්ථාවේ නොමැති බැවින් අමාත්‍ය මණ්ඩලය ඊට අනුමැතිය ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
විදුලි බිල්පත් ඉහළයාම මේ අවස්ථාවේ මහජනතාවට දරා ගැනීමට අපහසු බව රජය පිලිගන්නා නමුත් දැනට රටවල් කිහිපයක් අතර ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වය හේතුවෙන් ආනයනය කරනු ලබන ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙන බව ඇමතිවරයා පවසා සිටියි.
මෙවැනි අසීරුතාවලින් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය අපි සියලු දෙනාම එකට එක් වී වැඩ කිරීම බවත් දේශපාලන වාසි තකා අපි වෙන්වී කටයුතු කලොත් එමගින් සිදුවන්නේ අපි තව තවත් ආගාධයට වැටීම පමණක් බවත් මහින්ද අමරවීර පැවසුවේය.







