බැසිල් සහ මහින්ද ගේ විදෙස් ගමන් තහනම යළිත් දීර්ඝ වේ….

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා තෙක් නැවත දීර්ඝ  කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අද මෙම නියෝගය  අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුලු පාර්ශවකරුවන් කිහිපදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම  යළිත් විභාගයට ගත් අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විය.

 

 

Exit mobile version