මල්වානේ ගෙවල් නඩුව… බැසිල් තිරුනඩේසන් නිදොස්කොට නිදහස්..

ටෝනි කරුණානායක –

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති  නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද (03) ලබාදීමට නියමිතව තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අක්කර 16 ක ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ පළමු විත්තිකරු වන බැසිල් රාජපක්ෂට නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් ඉදිරිපත් කර තිබුණි.


 

Exit mobile version