බැසිල් රාජපක්ෂ දැන් ලංකාවට පැමිණ ඇති බවත් මේ ආගමනයෙන් පසු ප්‍රමුඛම අවධානය යොමු කර ඇත්තේ ඉන්ධන මිල අඩු කිිරීම සඳහා ගතහැකි ක්‍රමෝපයන් පිළිබඳව බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය
ඔහු ප්‍රකාශ කළේ මේ මිල වැඩිකිරීම් සිදුවන අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියානම් කිසිසේත්ම එම මිල සංශෝධන සිදුනොවන බවය.
ඔහු කියා සිටියේ පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ බැසිල් රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලික සංචාරයක නිරත වි සිටියේ රටේ අවාසනාවට බවය. කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරයා කී කතාව මීට පෙර අවස්ථා ගණනක දීම පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මාධ්‍යයට පවසා තිබිණි.