දිනසේන රතුගමගේ –
යාපනයේ එක්සත් ධීවර සංගමය ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමති ඇතුළු දේශපාලකයින් පිරිසකගෙන් කළ ඉල්ලීමක ප්රතිපලයක් වශයෙන් යාපනයේ ධීවරයින්ට ඉන්දියාවෙන් භූමිතෙල් ලීටර් 15000 ක ප්රමාණයක් ලබා දීමට තමිල්නාඩුව තීරණය කොට තිබේ.
මෙම ඉල්ලීම සලකා බලා තමිල්නාඩුවේ දේශපාලනඥයින්ගේ අරමුදල් වලින් හා රාමේස්වරන් ධීවර සමීති වල අනුග්රහයෙන් මෙම භූමිතෙල් ප්රමාණය ලබා දීමට තීරණය යාපනයේ ධීරයින්ට ලබා දීමට සැලසුම් කර තිබේ.
උග්ර භූමිතෙල් හිඟය නිසා පීඩාවට පත්ව සිටින යාපනයේ ධීවරයින්ට ඉන්දියාවෙන් ලැබෙන මෙම භූමිතෙල් ලීටර් 15000 ක් ප්රමාණය ජූනි මස මුල් සතියේදී ලබා දීමට නියමිතව ඇති අතර එම ඉන්ධන ලබා දෙන්නේ යාපනය දිසාපතිවරයා හරහා බවද තමිල්නාඩුවේ දේශපාලනඥයෝ ප්රකාශ කරති.
එම භූමිතෙල් තොගය යාපනයේ ධීවරයින් සතු බෝට්ටු 706 ක් සඳහා විවිධ ප්රමාණ වලින් ලබා දීමට සැලසුම් කොට ඇති අතර එම වැඩ පිළිවෙළ අධීක්ෂණය කරනු ලබන්නේද යාපනය දිසාපතිවරයාය.
ධීවර බෝට්ටු පණ ගන්වා ගැනීමට නොහැකි වීම නිසා පසුගිය දින කීපය තුළ උතුරේ ධීවරයෝ මුහුදු යෑම නැවැත්වූහ.