සිංහල අලුත් අවුරුදු දිනයේ දී අසල වු වෙලෙඳසලක් කඩා සිගරට් බන්ඩල හතරක් සහ මුදලින් රුපියල් ලක්ෂ හතරක් සොරකකම් කිරීමට සැක පිට ප්‍රදේශයේ පාසල් යන බාලිකාවන්ගේ මුලික ආරක්ෂාව භාර කටයුතු කරන ආරක්ෂකයෙක් අත් අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම බාලිකා විද්‍යාලයේ පැය 24 රාජකාරියේ යොදවා සිටින ආරක්ෂකයෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
වත්තේගම බාලිකා විද්‍යාලය අසල වෙළෙඳසල් බිඳ රුපියල් ලක්ෂ හතරක මුදලක් සහ සිගරට් බණඩ්ල් හතරක් සොරාගෙන තිබිණි.
සොරකම සම්බන්ධයෙන් අදාල වෙළඳසැල් හිමිකරු වා වත්තේගම පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ ද සැකරුවකු පිළිබඳ හෝඩුවාවක් සොයාගත නොහැකි වී ඇත.
එබැවින් මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයට දැනුම් දීමෙන් අනතුරුව නිල සුනඛයෙකු වන ඒගර් යොදවා සැකකරුවකු සම්බන්ධ හෝඩුවාවක් සොයාගැනීමේ කටයුත්ත සිදු විය.
සොරකම සිදුවූ ස්ථානයට රැගෙන ගිය නිල සුනඛයා එම ස්ථානය සෝදිසි කිරීමෙන් පසුව කෙලින්ම ගොස් ඇත්තේ වත්තේගම බාලිකා විදුහලේ මුරකුටිය වෙතය.
අනතුරුව සොරකම සිදුවන්නට ඇතැයි සැක කරන කාලය තුළ ආරක්ෂක නිලධාරියා පාසල් මුරකුටියේ සිටියේද යන්න විමර්ශන සිදුකර තිබේ.
ඔහු එහි නොසිටි බවට ලද තොරතුරු මත වත්තේගම පෙලිසිය ආරක්ෂක නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.