හැත්තෑ හත්වෙනි රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ ජයග්‍රහණය 13 -10ක් ලෙස සත්කාර ත්‍රිත්ව විද්‍යාලය අද (22) සවස අත්පත් කරගත්තේය.
තරගය පැවැත්වූයේ ත්‍රිත්ව විද්‍යාලයීය පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගනයේ දී ය.
පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රමුඛතම මෙන්ම ඉතිහාසයක් සහිත තරගයවන බ්‍රැඩ්බි පළිහ ශූරතා තරගය අදියර දෙකකින් ක්‍රියාත්මක තරගයකි.
පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුන තරගයේ මුල් භාගයේ දී ඉදිරියෙන් සිටියේ රාජකීය කණ්ඩායමය. තරගයේ 11 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ගෝලයක් ලෙස ප්‍රවර්ථනය කරගනිමින් ලකුනු ලැබීම රාජකීය කණ්ඩායම ආරම්භ කළේය.
රාජකීයයන් පළමු අර්ධයේදී ලකුණු 10 ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ය.
නමුත් දෙවැනි අර්ධයේදී තරගය කණපිට පෙරළිනි. මැනවින් තරගයට අවතිර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩයෝ ලකුණු 13ක් රැස් කළහ.
ඒ, උත්සාහක දිනුමකින්, ප්‍රවර්ථනයකින් සහ දඬුවම් පහර දෙකකිනි. දෙවැනි අර්ධය තුළ රාජකීය කණ්ඩායමට එකම ලකුණකුදු ලබා ගත නොහැකි වීම කැපී පෙනුණි.
බ්‍රැඩ්බි පළිහ පළමු අදියර අවසන් වුණේ, ලකුණු 13ට 10ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයට ජය හිමිකර දෙමිනි.
මෙම තරගයේ දෙවැනි අදියර ලබන 5 වැනි දා පැවැත්වෙන්නේය. ඒ කොළඹදී ය. මේ අදියර දෙකෙන්ම වැඩිම ලකුනු ප්‍රමාණය හිමි කරගන්නා කණ්ඩායමට බ්‍රැඩ්බි පලිහ හිමිවන්නේය.
පසුගියවර ශූරයින් රාජකීය විද්‍යාලයය. මේ වනවිට බ්‍රැඩ්බි පළිහේ හිමිකම රාජකීයන් සතුය.