මෙරට මදුරු කීට ඝනත්වය බ්‍රිටෝ ඒකක 5කට වඩා අඩු අගයක් විය යුතු වුවත්, බස්නාහිර පළාතේ අප්‍රේල් මස සිදුකළ සමීක්ෂණයකට අනුව එය බ්‍රිටෝ ඒකක 30 ඉක්මවා ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
රටේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදීත් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර ඩෙංගු මර්දන වැඩසටහන් අතරතුර පිළියන්දල ගමකින් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන 50කට වැඩි සංඛ්‍යාවක් සොයා ගෙන තිබේ.
එහිදී පිළියන්දල ඇරව්වල ප්‍රදේශයේ අබේරත්න මාවතේ සිදුකළ ඩෙංගු වැටලීමකදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 59ක් සොයාගැනීමට නිලධාරීන්ට හැකි විය.
එහිදී එක් නිවසක පානීය ජලය ලබාගෙන ඇත්තේ ද ඩෙංගු මදුරු කීටයින් සිටි ළිඳකින් බව හඳුනාගෙන තිබේ.
එම නිවස ඇතුළු තවත් නිවාස 6කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් පියවර ගෙන තිබුණි.