බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු සති දෙකකට නිවාඩු යයි!

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් සති දෙකක්   විවේක නිවාඩු ගන්වා ඔහුගේ රාජකාරි ආවරණය සඳහා මහජන ආරක්ෂක ලේකම්වරයාගේ ආවරණ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර අද සිට පත් කර තිබේ.

දින 14ක කාලයක් නිවාඩු ගන්වා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යළි සේවයට වාර්තා කරන තුරු විශේෂ රාජකාරි පදනම මත  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ බැලීම ඩී.ජේ. පලිහක්කාරට  පැවරී තිබේ.

මැයි 09 අපරාධය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට අධිකරණය ඉදිරියේ චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව විධිමත් විමර්ශනයක් පවත්වා සාක්ෂි තිබේනම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස ද නීතිපති නියෝග කළේය.

එමෙන්ම වහාම ඔහුට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබුණේ ඉක්තු සතියේ දි ය.


ඔහු නීතිපති නියෝග මත විදේශ ගමන් බලපත්‍රය භාර නොදීම සම්බන්ධව අධිකරණය ප්‍රශ්න කර තිබිණි.

එමෙන්ම  නීතිපති නියෝග ප්‍රකාරව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා නොදීම සම්බන්ධව අධිකරණය වෙත කරුණු දැක්වීමට මේ සතියේ පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

මේ ලිපියත් බලන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක…

 

Exit mobile version